බිත්තියට හේත්තු වෙලා විනාඩි ගානක් තිස්සෙම මේ හොදටම වෙරි වෙච්ච පිස්සු මනුස්සයා කියවන දිහා හිනාව කාගෙන බලන් හිටපු ජන්කූක් නිකටටත් අත තියාගෙන බිත්තියෙන් මෑත් වුනේ එයාගෙ ඇස් ජන්කූක්ගේ දිහාට යොමුවෙනවත් එක්කමයි.
"ආ....හ් ඔ..ඔයියා කව්ද. මේ අපායෙ ඉන්න රජත්තුමා ඔයියාද.. *හික්ස්* ඒත් ය්..යම රජත්තුමා මෙච්චර හැන්ඩ්සම්ද.. බැරි වෙලාවත් ඔයා හේඩිස් දෙවියොද.. හනේ මේ පුංචි චිමීට සමාවෙන්න එයා කිසිම ව් වැරැද්දක් හිතලා කරන්නේ න් නෑ...* හික්ස්*"
ජන්කූක්ව දැක්ක එයා එයාගෙ චූටි ඇගිලි දික් කර කර තොල් දෙකත් පෙරලගෙන ජන්කූක් එක්ක කතා කරලා එකපාරටම ජන්කූක්ගේ කකුල් දෙක ඉස්සරහා වැදගෙන ඇදගෙන වැටුනේ මෙච්චර වෙලා හිර කරගෙන හිටපු හිනාව ජන්කූක්ගේ කටින් එලියට පනිද්දියි.
"අහ්ම්... ඔව් මම තමයි හේඩිස් දෙවියෝ.. මමයි මේ පාතාලයට අධිපති. ඉතින් මට දැනගන්න පුලුවන්ද තමුන් වගේ පොඩි කොල්ලෙක් මේ වඒ වෙලාවක පාතාල ලෝකේ ඉදන් මොනවද කරන්නේ කියලා.. ම්ම්ම්..."
බිම ඉදගෙන තවමත් ජන්කූක් දිහා වැදගෙන බලන් ඉන්න එයා ගාවට නැවුනු කූක් ඒ බෝල ඇස් උපරිමයෙන්ම විදින ගමන් එහෙම ඇහුවා.
"ම්..මම මේ...මම ආ..හ් චිමී ආවේ චිමීගේ පූස් පැටියා හොයාගෙන.*හික්ස්* එ..එයා හිටියේ චිමීගේ අත් දෙකේමයි. ඒත් එයා එකපාරටම චිමීගේ අත් දෙකෙන් පැනලා මේ පාතාල ලෝකෙට දුවගෙන ආවා.*හික්ස්*
ඉතින් චිමීට බලන් ඉන්න බෑනේ. ඉතින් එයත් පාතාල ලෝකේ දොර ලග හිටපු මුර අන්කල්ට හොරෙන් ඇතුලට්ට ද්.. දුවන් ආවා. *හික්ස්* ඒ..ඒත් ක්..චිමී ඇතුලට ආවම ගොඩාක් බය වුනා. චිමීගේ පූසාව හම්බුනෙත් නෑ."
ගොත ගහන ගමන් අත් දෙකෙනුත් පෙන්න පෙන්න එයා ජන්කූක්ට එයා මෙහෙට ආව හැටි කියලා දුන්නා. ජන්කූක් ගොඩාක් ආසාවෙන් ඒ තාලෙට හෙලවෙන තොල් දිහා වගේම නටන ඇස් දිහා බලාගෙනම කතාව අහගෙන හිටියා.
"ඕහ් එහෙනම් ඒකයි වුනේ.. එතකොට චිමී මේ ලෝකෙන් මොනවහරි හොරෙන් බිව්වද"
ජන්කූක් එයාගේ ඉස්සරහ ඉදන් ඉන්න පුංචි ජීවියාගෙන් එහෙම ඇහුවේ ඒ ඇස් දිහා හොදට බලන ගමන්. ඒ ඇස් ජන්කූක් එහෙම අහනවත් එක්කම ලොකූ වෙලා ගැස්සිලා ගියා. ඒත් එක්කම එයා එයාගෙ පුංචි බෝල අත් දෙකෙන් එයාගේ කට තද කරලා වහගත්තේ ලොකූ වැරැද්දක් කරලා අතටම අහුවෙච්ච පුංචි බබෙක් වගේ.
ඒත් එක්කම හොරේන් වගේ වටපිට බලපු එයා එකපාරටම එතනින් නැගිටලා දුවන්න හැදුවේ අත් දෙකත් දෙපැත්තට වන වන. ඒත් ඒ තත්පරෙන්ම ඒ පුංචි ජීවියාව එයාගෙ අත් අතරේ හිර කරගත්ත ජන්කූක් එතනම තිබුනු රූම් එකේ දොරත් ඇරගෙන ඇතුලට ගියේ ඒ පුංචි ජීවියාගේ කටත් අතින් වහගෙන.
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

VOCÊ ESTÁ LENDO
where are you my angel? ⚜ vminkook [short story] completed
Conto"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20