31 ⚜

241 85 8
                                    


"ආහ් ආයෙමත් ඒ හීනෙම ඇයි ඇයි.... ඇයි මට මගේ හිත හදාගන්න දෙන්නෙම නැත්තේ ඒන්ජල්. මට ඒ අතීතය ආයෙ ආයෙත් මතක් වෙන්නෙ ඇයි"

ඒ දැකපු හීනෙ නිසා ඇහැරිලා ඇද උඩ වාඩිවෙලා ඔලුව අත් දෙකෙන්ම අල්ලගෙන මුමුනපු ටේ ඊයෙ රෑ එයා ජන්කූක්ගේ ගෙදර ගියපු වෙලාවේ එයාට ඇහුනු දේවල් ආයෙත් මතක් කරන්න ගත්තා.

' මට...ඔයාගෙම....වෙන්න ඕනෙ කුකී.'

'මම පොඩි නෑ. ඔව් ඔව් ඔව් මට විස්වාසයි. චිමී කොහොමත් කුකීගෙම විතරයි. '

චිමීගේ කටහඩින්ම ඇහුනු ඒ වචන ආයෙ ආයෙත් ටේගේ ඔලුව ඇතුලේ දෝන්කාර දෙද්දි ටේ ඔලුවත් බදාගෙන ඇස් වලින් ගල කඳුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නා.

"ඇයි ඒන්ජල් ඒ ඔයාම උනේ. එදා සකුරා ගස් අස්සේ දුවපු ඔයා මගේ හිත හොරකම් කලා. ඉතින් ඇයි ඔයා කුකීගෙ හිත අස්සටත් ඒ විදිහටම ගියේ. මම දන්නවා මම විතරයි ඔයාට ආදරේ කලේ. එතකොට මමයි නේද මේ හැමදේටම හේතුව.

එදා කුකී එයාගෙ චිමී කියලා ඔයාව පෙන්නපු දවසේ දන්නවද මම කොච්චර නම් ඇඩුවද කියලා. ඔයාගෙ පූස් පැටියා කුකීගෙ අතේ ඉන්නව දැක්කත් ඒ ඔයයි කියලා විස්වාස කරන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ.ඒත් ... ඒ ඔයාම උනා. චිමී කියන්නෙ ඔයාට. "

ටේ එයාගේ අත් අතර ගුලි කරගත්ත පුංචි ජායාරූපයේ ඉන්න සකුරා කොල්ලා දිහා බලාගෙන මිමිනුවේ එයාගෙ හදවත කෑලි කෑලි වලට කැඩිලා යනවා වගේ වේදනාවකින්.

" පොඩි කාලෙ ඉදන් මගේම මල්ලි වගේ හිටිය කූකී. මට විස්වාසයි එයා ඔයාව මටත් වඩා හොදට බලාගනීවී. අද රෑ ඔයා එයාගෙම වේවි. ඔව්.. ඔයා එයා ලග ගොඩක් සතුටින් ජීවත් වේවි. ඒත් හැමදාම ඔයාගෙ රූපය දැක දැක ජීවත් වෙන්න මට බෑ චිමී.

ඔයා මගේ නෙවෙයි කියලා දැක දැක මට ඔයා ලග ජීවත් වෙන්න තරම් හයියක් නෑ චිමී. ඔව් මම දුර්වලයි. මගේ හැගීම් ඉස්සරහ. මම ..... මම දැන් මොනාද කරන්න ඕනෙ චිමී ... කියන්න මට."

කඳුලු කැට උල්පතකින් වගේ පහලට කඩන් වැටෙද්දි චිමීගේ පුංචි ෆොටෝ එක තුරුලු කරන් ඇද උඩ ඉකි බින්ද ටේ නොදැනීම නිදි දෙව්දුවගේ තුරුලේ සැතපුනේ එයාගෙ දුක්බර කතාවට පුංචි විවේකයක් දෙන ගමන්.






⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedOnde histórias criam vida. Descubra agora