32 ⚜

252 83 12
                                    


"ටේ .... මොකෝ මේ හවස්වෙලා මේ පැත්තේ. "

කුකිගේ ගෙදර දොර ඇරගෙනම එයාගෙ ගෙදර වගේ ඇතුලට ආපු ටේ කිචන් එකේ ඉදන් කෑ ගහන කුකීට දිවත් දික් කරලා එයා අරගෙන ආව බීම බෝතල් ටිකයි , කෑම ජාති ටිකයි සෝෆා එක ඉස්සරහ තිබ්බ ස්ටූල් එක උඩින් තිබ්බා.

" අද පාර්ටි ඕකේ. මම ඕනෙ ඔක්කොම කෑම ටික ගෙනාවා."

ටේ එහෙම කියනකොටම පඩිපෙල බැහැගෙන පහලට ආවේ ජන්කූක්ගේ ලොකූ ශර්ට් එකක් විතරක් ඇදගත්ත පුංචි චිමී.

දනිස් දෙක ලගට වෙනකම්ම දිග කූක්ගේ රෝස පාට ශර්ට් එකේ අත් එ‍යාගෙ පුංචි ඇගිලි ලගට යනකම්ම දිගයි. අවුල්වෙලා මූනට වැටිලා තිබුනු කූරු කූරු කොන්ඩයෙන්ම එයා මේ දැනුයි ඇහැරලා තියෙන්නේ කියලා හොයාගන්න ටේට වැඩි වෙලාවක් ගියේ නෑ.

ලොකූ ඈනුමක් අරින ගමන් ඇස් පොඩි කර කර පහලට ආව චිමී සෝෆා එක ලග හිටන් ඉන්න ටේව දැකලා ගැස්සිලා ගියේ එයා මේ වෙලාවේ ටේව බලාපොරොත්තුවෙ හිටපු නැති නිසා.

"පාටියක්..? ඒ මොකෝ හදිස්සියේම උබට බබෙක්වත් හම්බුනාද..?"

කිචන් එකේ ඉදන් සාලෙට ආව කූක් එහෙම අහනවත් එක්කම කුකී දිහාට මාරාන්තික බැල්මක් පාකරපු ටේ චිමී දිහා හිනාවෙලා බැලුවා.

"චිමී බබා දැන්ද ඇහැරුනේ."

"ඔව් චිමී දැන් තමයි ඇහැරුනේ. ඊයේ රෑ......ම්ම්ම්ම්"

චිමීගේ බ්‍රේක් නැති කටෙන් ඊයෙ රෑ වෙච්ච දේවල් පත්තරේ වගේ දිගෑරෙන්න කලින් පැනපු ගමන් ඒ කට වහපු ජන්කූක් ටේ දිහාට මෝඩ බැල්මක් දැම්මේ දත් තිස් දෙකම එලියට දාලා.

"ඕඕඕඕ............හ් ඉතුරු ටික මම්ම හිතාගන්නම්කෝ එහෙනම්."

කුකී දිහා බලලා ඇහැක් ගහපු ටේ ඊයෙ රෑ එයා තියලා ගියපු ස්ටෝබෙරි බෑග් එක කිචන් එකේ තියලා තියෙනවා දැක්කා.

" කොහෙද බලන්නේ මෝඩයා.. මම දන්නවා තමුන් ඊයෙ රෑ මෙහෙ ආවා කියලා. ස්ට්‍රෝබෙරි බෑග් එක්කුත් කාමරේ ඉස්සරහ තියලා කොහෙද ගියේ ආ..."

කුකී එක ඇහැකුත් අකුලගෙන ටේගෙන් අහනකොට ටේ උඩ බිම බැලුවේ මුකූත් දන්නැති තාලෙට.

"මම ආවේ නෑ අනේ පිස්සුද..?"

"ආ ඇත්තට. එතකොට මේ ගෙදර පාස්වර්ඩ් එක මම ගමේ ඉන්න හැමෝටම දීලද . මම ඒක දන්නෙ අදනේ. "

කුකී එහෙම කියනවත් එක්කම පල් හිනාවක් දාපු ටේ කට කොනේ හිනාව දාගෙන කුකීගේ උඩ ඉදන් පල්ලෙහාටම බැලුවා.

"ඇයි දැන් උබ කියන්නේ මට චිමීගේ කාමරේට එබිලා හොද බ්ලූ ෆිල්ම් එකක් බලාගන්න තිබුනානේ කියලද.. ඇත්තටම ඔව් හැබැයි අපරාදෙ මං ගියේ."

ටේ එහෙම කියලා ආයෙමත් කුකීට පල් හිනාවක් දැම්මම අත් දෙකෙම්ම මූන වහගත්ත චිමී කුකීගේ පිටිපස්සෙ හැංගුනේ ලැජ්ජාවට.

" යාහ් දුප් යන්ඩ මෝඩ කොටියා. ඉතින් කියපංකෝ මොකද එකපාරටම පාටි කියලා."

කුකී ටේට පයිනුත් එකක් ගහලා එහෙම ඇහුවම ටේ හිනා වෙලා සෝෆා එකෙන් ඉදගත්තා.

"නිකන් අනේ.. කාලෙකින් අපිට සෙට් වෙන්නත් බැරි උනානේ. දැන් ඉතින් අපිට අලුත් යාලුවෙකුත් ඉන්න එකේ පොඩි පාටියක් දාලා ජොලියක් දාන්න ඕනෙ කියලා මට හිතුනා."

"ඕහ් ඒක නම් හොදයි තමයි. එහෙනම් අද රෑ....පාටි පාටි යේහ්..."

කෑ ගහගෙනම රවුමක් කැරකිලා චිමීව බදාගත්ත කූක් චිමීගේ කම්මුලට චූටි හාදුවක් දුන්නේ චිමී කුකීට තවත් තුරුල් වෙනකොට.

ආදරනීය හිනාවක් මුහුනේ තියාගෙන මේ දිහා බලන් හිටපු ටේ ඒ දෙන්නට හදවතින්ම සුබ පැතුවේ කිසිම කරදරයක් නම් සිද්ද වෙන්න එපා කියලා.





⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now