"චිමී මට ඔය මේසේ උඩ තියෙන පොත ගෙනත් දෙනවද..?"
කියවනකොට දාන කන්නාඩි දෙක්කුත් දාගෙන උදේ ඉදන්ම එයාගේ ක්ලබ් එකේ ගනුදෙනු ලයිස්තුව පරීක්ශා කර කර හිටපු කුකී චිමීට එහෙම කිව්වේ ඔලුව වත් උස්සන්නේ නැතුව.
ඒ හඩ ඇහෙනවත් එක්කම මෙච්චර වෙලා සෝෆා එක උඩ ඉදන් පුංචි මෝචිවත් තුරුලු කරගෙන කුකී දිහාට මාරාන්තික බැල්මවල් හෙලන ගමන් හිටිය චිමී ගස්සගෙන නැගිටලා ඒ පොතත් උස්සගෙන කුකී ලගට ආවා.
"ආහ් ගෙනාවද කෝ දෙන්න."
කුකී අත දික් කරලා පොත ඉල්ලනකොට කට කොනේ හිනාව දාගත්ත චිමී එයාගෙ අන්ත් අතේ ගුලි වෙලා හිටපු පූස් පැටියව කුකී දික් කරන් ඉන්න අත උඩින් තිබ්බා.
එකපාරම අතේ ගෑවුනු සිනිදු ස්පර්ශය පොත නම් නෙවෙයි කියලා තේරුම්ගත්ත කුකී කෑ ගහගෙනම මේසෙන් නැගිට්ටේ චිමී බඩත් අල්ලන් බිම පෙරලි පෙරලි හිනා වෙන්න ගද්දියි.
"යාහ්...... චිමී. මොකද්ද ඒ කලේ. මේ නසරානි කොල්ලා නම්ම්..... ඔහොම ඉන්නව දුවන්නැතුව."
මෝචිවත් වඩාගෙන සාලෙ වටේට හිනාවෙවී දුවන පුංචි ඒන්ජල්ගේ පස්සෙන් විනාඩි ගානක්ම කෑ ගගහා පැන්නුව කුකීට අන්තිමට එයාව අල්ලගන්න පුලුවන් උනා.
"අල්ලගත්තා.... හොර පූසා. මොකද ඒ මාව බය කලේ ආහ්.. ගුටියක් කන්න ආස හිතුනද?"
කුකී එයාගේ අත් දෙක අතරේ හිරවෙලා ගැලවෙන්න දගලන චිමීගෙ පස්සට එකක් ගහලා එහෙම අහනකොට චිමී දගලන එක නවත්තලා මූනත් මොකදෝකරන් කුකී දිහා බැලුවා.
"ඔයා උදේ ඉදන්ම චිමී දිහා බැලුවේවත් නෑ. දන්නවද චිමීට කොච්චර පාලුද කියලා. නෑ ඔයා ඒක දන්නෙත් නෑ. චිමී තරහයි කුකී එක්ක. කතා කරන්න එපා චිමී එක්ක ආයෙ. ආ මෙන්න ඔයා ඉල්ලපු පොත. මේකත් අරන් ආයෙමත් යන්න ඔයාගෙ අර මේසෙ උඩටම . "
අත අස්සෙ තියන් හිටපු කුකීගේ පොත කුකී අතටම දුන්නු චිමී කුකී බලන් ඉද්දිම ගස්සගෙන වගේ කුකීගේ අත්දෙකෙන් ගැලවිලා කාමරේට දිව්වේ හයියෙන් අඩි පොලවේ ගහ ගහ.
ඒක දැකපු කුකීට හිනා යන්න ආවත් එයා ඒ හිනාව හිර කරගෙන ඔලුව කසන්න ගත්තේ ඇත්තටම එයා උදේ ඉදන්ම චිමී දිහා බැලුවේවත් නෑ නේද කියලා මතක් කරන ගමන්.
"ආයිශ්... චිමීයෝ........ මේ කුකිලට්ට සමාවෙන්න ඉතින්. අනේ චිමී......"
අත් දෙකෙන්ම කන් දෙකත් අල්ලගෙන චිමීගේ පස්සෙන් දුවපු ජන්කූක් අන්තිමට නැවතුනේ චිමීගේ කාමරේ දොරේ නහයත් වද්දගෙන.
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
මට ශෝර්ට් ස්ටෝරීස් ලියන්න බෑ කියලා තේරුම්ගත්ත දෙවෙනි වතාව..
මේක දිගට ඇදෙනවනේ දෙයියනේ.කමක් නැද්ද? 🙂💔
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20