19 ⚜

248 87 4
                                    


ඒ තරුනයා ගියාට පස්සේ හැංගිලා හිටපු තැනින් නැගිට්ට ච්මී පාර දිගේම ඇවිදගෙන ගියේ එයාගෙ මෝචි නැතිවෙච්චි දුකට අඩන ගමන්.

"චිමීට හිටියෙත් එයා විතරයි. දැන් චිමීට එයත් නෑ. එතකොට චිමී තනියම. "

හයියෙන් කියව කියව පාර දිගේම ඇවිදන් ගියපු එයා අන්තිමට නැවතුනේ කොෆි ශොප් එකක් ලග.

"sun and moon.. ඕහ් ඒ නම ලස්සනයි."

හිමීට මුමුනපු එයා හැදුවේ ඒක ඇතුලට යන්න . ඒත් එයා හිටපු තැනම නැවතුනේ වීදුරු බිත්ති අතරින් පෙනුන ඒ රූපය දැකලා.

"එයා මෙතනත් ඉන්නවා. හයියෝ දැන් චිමීට කන්න වෙන්නෙත් නෑ.... "

එහෙම කියලා ආපහු හැරිලා යන්න හදපු චිමී ආයෙමත් ගැස්සිලා වගේ නැවතුනේ ඒ තරුනයාගේ අතේ ගුලි වෙලා ඉන්න පුංචි පුලුන් බෝලයක් දැකලා.

"ආහ්.... ම්...මෝචි.."

චිමීගේ ඇස් සතුටින් දිලිසුනා. එයාගෙ මෝචි ඉන්නවා.

"ඒත්... ඒ එයා ලගනේ. ඉතින් කොහොමද චිමී දැන් මෝචිව ගන්නේ."

එතනම බිමින් ඉදගත්ත චිමී කල්පනා කරන්න ගත්තා. ඒ අතරෙ කොෆි ශොප් එකෙන් එලියට ආව මෝචිගේ අලුත් අයිතිකාරයෝ දෙන්නා දැක්කේ නෑ මේ පුංචි කොල්ලව.ඒත් එක්කම කොෆි ශොප් එකේ දොර දිහා බලපු චිමී දැක්කේ ශොප් එක ඇතුලේ හිටපු දෙන්නම එලියට ඇවිත් කියලා. ඉක්මනටම බිත්තියට මුවා වුනු එයා හොරේන් එබිලා බලන් හිටියේ මෝචි දිහා.

ඒත් එක්කම වගේ නිකමට මෝචිව අතේ තියාගෙන හිටපු අයිතිකාරයාගේ මූන දිහා බලපු චිමී දැක්කේ ඒ ඇස් වල එලියට එන්න බැරුව දගලන කඳුලු කැට.

"ආ..හ්"

ඒ කඳුලු පිරුනු ඇස් දකිනවත් එක්කම චිමීගේ ඔලුවෙ කැක්කුම එකපාරට වැඩි වුනේ මොනවාදෝ රූප පේලියක්ම එයාගෙ ඔලුවෙන් එයාට මවලා පෙන්නද්දියි.

"ඕහ් චිමී.... බය වෙන්න එපා. මම ඔයාට දඩුවම් කරන්නෙ නෑ. ච්මී කරලා තියෙන්නේ නරක වැඩක් නෙවෙයිනේ. ඉතින් චිමීට මම සමාව දෙනවා. කෝ ඉතින් අඩන්න එපා..."

එදා රෑ සිද වුනු හැමදේම පේලියට චිමීට මතක් වෙද්දි ඇස් වලට ආපු කඳුලු අතරින්ම ඉස්සරහ බලපු එයා දැක්කේ මෙච්චර වෙලා ශොප් එක ඉස්සරහා හිටන් හිටපු ඒ දෙන්නා එතනින් අතුරුදහන් වෙලා තියෙන බව.

"ආහ් එයා චිමීට රිද්දන්නෙ නෑ..."

හිමීට මුමුනපු එයා කොෆි ශොප් එකේ පඩිය උඩම සිහිය නැතුව ඇදගෙන වැටුනේ වේදනාව දරාගන්නම බැරි තැන.




⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now