24 ⚜

248 85 11
                                    


" ම්ම්ම්.....චිමීට අමාරුයි. චිමීගේ මුලු ඇගම දනවානේ..."

උදේ ඉදන්ම ඇගට දැනුනු අමූතු පන නැති ගතියත් එක්ක පුටුව උඩට වෙලා ජන්කූක් එනකන් බලන් හිටපු පුංචි චිමී එයාගේ ඇගෙන් දැනෙන වේදනාව දරාගන්නම බැරිතැන කෙදිරිගාන්න පටන් ගත්තේ ගෙදර කවුරුවත්ම නැති නිසා දුක් වෙන ගමන්.

එයාගෙ තාත්තාගේ හදිසි වැඩකට ගෙදරින් එලියට යන්න වුනු නිසා ජන්කූක් මේ වෙනකනුත් ගෙදර ආවේ නම් නෑ.

වේදනාව දරාගෙන පැය ගානක්ම චිමී ජන්කූක් එනකන් බලන් හිටියත් එයාට අන්තිමට දරාගැනිමේ හැකියාව කියන දේ නැතිවෙලාම ගිය නිසා හිමීට නැගිටලා ගෙදර තියෙන ෆෝන් එක අතට ගත්තු එයා ව්ව්ව්ලන දෑතින් ජන්කූක්ගේ නම්බර් එක ඩයල් කරා.

"අනේ ගන්නකෝ කුකී... චිමීට ගොඩාක් අමාරුයි.."

විනාඩි ගානක් යනකම්ම බලාඑන හිටියත් ජන්කූක්ගෙන් ප්‍රතිචාරයක් නැති තැන කෝල් එක ඉබේම කට් වෙලා ගියේ චිමීගේ ඇස් කඳුලින් පුරවලා. එයා උත්සහ කලා. තව එක වතාවක් නෙවෙයි ගොඩක් වතාවල්. ඒත් කිසිම ප්‍රතිචාරයක් නම් ලැබුනේ නෑ.

අන්තිමට ෆෝන් එක මේසෙ උඩින් තියලා කැඩුනු බලාපොරොත්තු එක්ක ආයෙමත් සෝෆා එක දිහාට ඇවිදන් යන්න හදපු ජිමින්ට එකපාරම මතක් වුනේ ටේව.

"එයාවත් කතා කරයිද..?"

ආයෙමත් වෙව්ලන දෑත් අතරට ෆෝන් එක ගත්ත ජිමින් ටේගේ නම්බර් එක ඩයල් කරලා බලාගෙන හිටියා.ඔව් එයා තත්පර තුනක් විතර බලන් ඉන්න ඇති. ඒත් එක්කම එහා පැත්තෙන් ඇහුනේ එයාට හුරුපුරුදු ටේ ටේ හියුන්ගේ කටහඩ.

" හෙලෝ ජිමින්.... මොකද මේ වෙලාවේ.."

ටේගේ කටහඩ ඇහෙනකොටම චිමීගේ ඇස් දෙක සතුටු කඳුලු වලින් පිරීලා ගියේ එක ක්ශනයෙන්.

"හ්...හියුන්...ටේ ටේ හියුන්... චිමීට ගොඩක් අමාරුයි... ම්..මුලු ඇගම දනවා..."

ගොත ගගහා කැඩුනු කටහඩකින් චිමී එහෙම කියනකොට එහා පැත්තේ ලයින් එකේ ඉදන් ඒක අහන් හිටපු ටේගේ මුලු ඇගම දෙදරලා ගියේ හිතාගන්නවත් බැරි විදිහට.

"මො..මොකක් චිමී.. ඔයා දැන් තනියමද ඉන්නේ . ජන්කූක් තාම ගෙදර ආවෙ නැද්ද..?"

ටේගේ කලබල වුනු කටහඩ චිමීට ඇහුනා.

"න්..නෑ හියුන්ගී. කුකී තාම ආවෙ නෑනේ...."

චිමී එහෙම කියනවත් එක්කම ටේගේ කෝල් එක කට් වෙලා ගියේ චිමීව ආයෙත් දුකින් පුරවලා.

"එ....එයාවත් නැද්ද මට... ආහ්.. චිමීට ඇයි මෙච්චර රිදෙන්නේ..."

වේදනාව වැඩිකමටම ඇස් වලින් ගලන කඳුලු අත් වලින්ම පිහදාගත්ත චිමී සෝෆා එක ගාවට හිමින් ඇවිදන් ගිහින් පන නැතුව ඇදගෙන වැටුනා.

ඒ විදිහට විනාඩි පහක් ගතවෙන්න ඇති...

"චිමී මැනික.. මොකද උනේ..... "

කුකීගේ ගෙදර දොරත් ඇරගෙන පුදුම තරම් කලබලේකින් ඇතුලට දුවන් ආපු ටේ සෝෆා එක උඩ පන නැතුව වැටිලා ඉන්න ජිමින් ලගට විදුලි වේගෙන් ලං වුනේ ඇස් වල කඳුලු පුරවගෙන.





⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜

where are you my angel? ⚜ vminkook [short story] completedWhere stories live. Discover now