පහුවදා උදේම ඇහැරුනු ජන්කූක් වෙනදා වගේ අතපය දිගෑරලා ලොකූ ඈනුමක් යවන්න හැදුවත් එයාට අතපය දිගාරිනවා තියා හොල්ලන්නවත් පුලුවන් කමක් තිබේ නෑ.
ඒ මොකද කියලා හිතාගන්න බැරුව ඇස් ඇරලා බලපු ජන්කූක් දැක්කේ අත් දෙකයි කකුල් දෙකයි එයාගෙ ඇග උඩට දාලා පපුව උඩින් ඔලුව තියාගෙන සැපට නිදාගෙන ඉන්න පුංචි ජීවියෙක්ව.
"ආහ්.. පුංචි ඒන්ජල්. මට අමතක වුනානේ... ඔයා මාව ඔතාගෙන නේ. ඉතින් මම දැන් නැගිටින්නේ කොහොමද ආහ්.."
චිමීගේ නහයට පුංචි තට්ටුවක් දාපු ජන්කූක් හිමීට එයාව උස්සලා ඇහැරෙන්නේ නැතිවෙන්න පරිස්සමට ඇද උඩින් තිබ්බේ ඔලුවට කොට්ටෙකුත් තියලා.
"මට පේන විදිහට ඊයෙ රෑ මම ඇදක් වෙලා වගේ.."
හිනාවෙන ගමන් එහෙම මුමුනපු ජන්කූක් එකපාරම නැතිවුනු උනුහුම හොය හොය නින්දෙන් දගලන පුංචි චිමීගේ කෙලවලින් නෑවිලා දිලිසෙන තොල් උඩින් හිමීට ඇගිලි ගෙනියන්න ගත්තා.
"ඔයා ගොඩාක් ලස්සනයි මගේ එන්ජල්. ඔව් ඔයා මගේම විතරයි. මේ පුංචි චිමී මේ ජන්කූක්ගෙම විතරයි."
චිමීගේ තොල් වලට නැවිලා පුංචි හාදුවක් ඒ මතින් තියපු කූක් හිමීට ඇදෙන් නැගිටලා චිමීගේ දෙපැත්තෙන් කොට්ට දෙක්කුත් තිබ්බේ බැරිවෙලාවත් එයා පෙරලිලා බිමට වැටෙයි කියලා හිතිලා.
ආදරෙන් චිමී දිහා ටික වෙලාවක් ආයෙමත් බලන් හිටපු කූක් බාත්ෲම් එකට ගියේ කබඩ් එකෙන් ගත්ත බාත්‍රොබ් එකත් කරවටේ දාගෙන.
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
ESTÁS LEYENDO
where are you my angel? ⚜ vminkook [short story] completed
Historia Corta"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20