තවත් දවස් දෙකක්ම ඔහේ ගෙවිලා ගියා. ඒ දවස් දෙකම එක එක වැඩ අස්සේ හිරවෙලා හිටිය ජන්කූක්ට එයාගෙ හිත සනසන මුහුදු වෙරල බලන්න එන්න බැරි වුනා.
ඉතින් පහුවදා හවස පුංචි පූස්පැටියාවත් තුරුලු කරගෙන එයා වෙරලට ආවේ රෑ වෙනකන්ම ඉදලා යනවා කියලා හිතාගෙන. ටේට එයා ඉන්න තැන මැසේජ් එකක් දාපු කූක් පාට පාට ලෝකයක් මැද්දෙන් බැහැගෙන යන හිරු දිහා බලාගෙන සුසුම් හෙලුවේ තවමත් එයාගේ ආදරේව එකම එක දවසක්වත් දැකගන්න නොලැබිච්ච දුකට.
" චිමී..... ඔයා කොහෙද චිමී. මම තාම ඔයාව හොයනවා. මම දන්නවා ඔයා මගේ ලගමයි ඉන්නෙ කියලා. ඒත්...ඒත් ඇයි ඔයා මගේ ඉස්සරහට එන්නෙ නැත්තේ මැනික. මම ඔයාට ආදරෙයි. මගේ පනටත් වඩා.
ඔයාගෙ දිලිසෙන ඇස් , රෝස පාට තොල් , පිම්බුනු කම්මුල් , හුරතල් කතා , කියවනකොට එහෙ මෙහෙ දුවන පුංචි බෝල ඇගිලි... මේ හැමදේම මට ආයෙමත් බලන්න ඕනෙ චිමී.. මට ඔයාව මගේම කරගන්න ඕනේ. ඔයාව මගේ ලගින් තියාගෙන ඔයා කියන හුරතල් කතා අහන් ඉන්න ඕනේ.
රෑ වෙනකන් ඔයා එක්ක තරු බලන්න ඕනේ , ඔයාගෙ සිනිදු කම්මුල් පිම්බුනු තොල් පුරාම හාදු තියන්න ඕනේ... අනේ චිමී මට ඔයාව අමතක කරන්න බෑ...ප්ලීස් එක පාරක් ආපහු එන්න මන් ලගට."
කිරිපාට මුහුදු රල වෙරල සිපගන්න දිහා බලාගෙන තනියම මුමුනපු ජන්කූක් ලොකූ සුසුමක් හෙලුවේ වෙරල දිගෙම ඇහැ යවන ගමන්.
ඒත්.... කවදාවත් නැතුව එයාගෙ ඇස් අද නැවතුනේ එක පුංචි ගල්පරයක් ලග තිබුනු වැලි තලාවක් ලග. එතන හිටියා පුංචි තරුනයෙක් එයාගේ කකුල් අස්සේ මූන හංගගෙන.
"එයත් දුකින් වගේ.. සමහරවිට එයත් එයාගේ ආදරේ හොයනවා ඇති."
එහෙම හිතපු ජන්කූක් පුංචි මෝචිවත් වඩාගෙනම බංකුවෙන් නැගිට්ටේ ඒ තරුනයා ලගට යන්න හිතාගෙන. ගල්පරය ලගටම ඇවිදගෙන ගියපු එයා පුංචි පූස් පැටියා වෙනදට වඩා දගලන්න ගත්ත නිසා එයාව හිමීට බිමින් තිබ්බේ අර තරුනයා දිහාට ඇස් හරවන ගමන්. හිමින් හිමින් ගැස්සෙන අතපය , හීනියට ඇහෙන ඉකි බිදුම නිසා ජන්කූක්ට තේරුනා එයා අඩනවා කියලා.
ඒ වගේම ගොඩාක් හුරුපුරුදු රුවක් වුනු ඒ රූපය ජන්කූක්ගේ හිතට යම් කෙනෙක්ව මතක් කරලා දුන්නා.
ඒත් එක්කම වැල්ල උඩින් දුවලා ගියපු පුංචි පූස් පැටියා නතර වුනේ ඒ තරුනයා ලග. ඊලගට එයාගේ සිනිදු ඔලුව ඒ තරුනයාගේ කකුල් වල අතුල්ලන්න ගත්තේ පිස්සුවෙන් වගේ .
ඒත් එක්කම මෙච්චර වෙලා මූන හංගගෙන ඉකි බින්ද ඒ පුංචි තරුනයා එයාගෙ ඔලුව ඉස්සුවේ ඒ හුරුපුරුදු සිනිදු ස්පර්ශය මොකද්ද කියලා බලන්න.
ආන්න ඒ වෙලාවේ තරුනයා දිහා බලාගෙන හිටපු ජන්කූක්ට එයාගේ රෝසපාටට හැරිච්ච පුංචි මූන බලාගන්න පුලුවන් වුනා. එක පාරම ගැස්සිලා ගිය ජන්කූක් එයාගෙ අත් දෙකෙන්ම කට වහගත්තේ ඇස් දෙකත් ලොකූ කරගෙන.
"මො....මොකක්... ම මගේ ඒන්ජල් ......"
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20