My Little 🐰13
Chapter 13යීබෝට ඒ සිදුවීම මතක් විය. එයින් තමා හිත රිද්දා ගත් සැටි මතක් විය.
"ඊට පස්සෙ ඔයාගෙ තුරුලෙ තමයි එයා ඇඳට එන්නෙ. එයාට නින්දෙන් ම එයාගෙ තරුණ මනස ආරෝපණය වෙනවා. ඔයාගෙ රස්නෙත් එක්ක..... ඒ දැනෙන පරස්පර විරෝධී උණුසුම.... මම කිවුවෙ පපාගෙයි, ගගාගෙයි පපුවෙ රස්නෙ තෝර බේරගන්න බැරුව තමයි මේ කලබලය වෙන්නේ...."
වෛද්‍යවරයාගේ පැහැදිලි කිරීම යීබෝ අවධානයෙන් අසා සිටියේ ය. සියලු විස්තර අනුව ගොඩ නගාගත් කතාන්දරය ඔහු යීබෝ සමග කීවේ ය.
"ශාන් කියන්නෙ පුංචි කාලෙ ඉඳල ම පපුවෙ රස්නෙට පෙරේත දරුවෙක් යීබෝ..............ඒක ඔයා දන්නවා....... ඒකනෙ හැම තිස්සෙම එයා ඉස්සරහට වඩා ගන්නවට කැමති. එයා එදා ඉඳම්ම ඔයාගෙ පපුවෙත් රස්නෙට නිදා ගන්නවනෙ.........ඉතිං එයා හීනෙන් බය වෙනකොට ඔයා ඇවිත් පපුවට ගත්තම එයාගෙ තරුණ හිත ඉස්මතු වෙලා ඒ රස්නෙට react කරන්න ගන්නවා. His body responds to yours Yibo..."
යීබෝ හිස බිමට හරවාගෙන ම වාඩි වී වෛද්‍යවරයාගේ වදන් පිළිබඳ කල්පනා කළේ ය. සැබවින් ම ශාන් කුඩා කල සිට ම තමාගේ පපුවේ නිදා ගන්නා අයුරු ඔහුට දැනුත් මැවී පෙනෙන්නාක් මෙන් විය.
වෛද්‍ය චෙන් දිගට ම කතා කළේ ය.
" ... ඒත් මෙච්චර දුර ගිය පළවෙනි පාර නිසා එයාට ඒ ඇඟ ඇතුළේ වෙන කලබලේ දරා ගන්න බැරුව තමයි පපාට කතා කරන්නෙ. මොකද ඕන ම කෙනෙක් තමන්ට අමාරු දේකදි මමාට, පපාට තමයි කතා කරන්නේ....... ඉතිං ශාන්ට දැං මමා නෑ....... එයා ඒකයි ඒ අමාරු හැඟීම දරාගන්න බැරුව පපාට කතා කරන්නෙ."
"බැරි තැන එයා මමාටත් කතා කළා........"
යීබෝ හඬන්නට මෙන් කීවේ ය.
YOU ARE READING
MY LITTLE 🐰 (Completed)
Fanfictionවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕