02 ළඟින් ඉන්න

820 116 7
                                    

My Little 🐰2
Chapter 2

" ලොකු මහත්තයට කොහොමද පපා..............?"

ශාන්ගේ ප්‍රශ්නය යීබෝ ඇසුවේ ය.

" අයි සී යූ එකේ.........චූටි.......... මහත්තයා......."

වන්ග් පිළිතුරු දුන්නේ ශාන්ට ය.

" ලොකු පුතේ........ ඩොක්ටර් ළඟට ගිහිං ආවා නං මොක ද?"

" හරි පපා........... යමු චූටි මහත්තයා......"

ශාන් පණ නැතුවාක් මෙන් යීබෝ පසුපස ඇදී ගියේ ය.

"Excuse me doctor....."

" Yes... come Yibo....take a sit"

"Thank you doctor......චූටි මහත්තයා වාඩි වෙන්න....."

යීබෝ ශාන් දෙස බලමින් කීවේ ඔහුගේ අත තවමත් තදින් අල්ලා සිටින ගමන්ම ය. ශාන්ගේ දෑස අග නලියන කඳුළු ඔහු දුටුවේ ඒ මොහොතේ ය.

"චූටි මහත්තයා..........."

" ගගා අපි ගෙදර යමු.......... මට ගෙදර යන්න ඕනි......."

" හරි හරි...... අපි තව චුට්ටකින් යමු. දැං මෙතනින් වාඩි වෙන්නකො. පොඩි වෙලාවයි හොඳේ....... ගගා ඉන්නවනේ........ බය වෙන්නෙපා........."

" හ්ම්........"

ශාන් කොඳුරමින් තව තවත් යීබෝ අසලට ම ළං විය. යීබෝගේ පපුවට තරම් උස හිස ඔසවා යීබෝගේ මුහුණ දෙස ම බලා සිටියේ කඳුළු බිඳු දෙකොපුල් දිගේ අතහරිමින් ය. යීබෝ නිදහස් අතින් ඒ මුහුණේ කඳුළු පිස දැමුවේ ය.

" ශාන් පුතා........"

වෛද්‍යවරයාගේ හඬින් ශාන් ගැස්සී ගියේ ය. ඔහු යීබෝගේ අත තම දෑතින් ම මිරිකා ගත්තේ ය.

යීබෝ ඔහු සමග වෛද්‍ය චෙන් ඉදිරියේ අසුන් ගත්තේ තම අසුන ශාන් අසලට ම ඇද ගනිමින් ය

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

යීබෝ ඔහු සමග වෛද්‍ය චෙන් ඉදිරියේ අසුන් ගත්තේ තම අසුන ශාන් අසලට ම ඇද ගනිමින් ය.

MY LITTLE 🐰 (Completed) Donde viven las historias. Descúbrelo ahora