09 මමා වගේ

510 99 5
                                    

My Little 🐰9
Chapter 9 

" හා එහෙනං... ලොකු පුතේ ඔයාට මොනාහරි ⁣ගේන්න තියෙනවද?"

" නෑ මමා...... බබා නැගිට්ටම මොනාහරි ඉල්ලුවොත් මං කෝල් එකක් දෙන්නං... ෆෝන් එක ඔන් එකේ තියා ගන්න..."

මවත් පියාත් පිට ව  ගිය පසු යීබෝ හෙදියක් කැඳවා ශාන් අවදි වූ බව දැන්වීය. ඇය වෛද්‍ය චෙන් සමග පැමිණ ශාන් ව පරීක්ෂා කොට මැෂින් ගලවා, ඉවර වී තිබූ සේලයින් සැපයුම ද ඉවත් කළේ ය.  යීබෝ නැවතත් ශාන් අසලින් ඉඳ ගත්තේ ය. සෝෆාවේ නිදා ගැනීමට හැකියාව තිබියදීත් ඔහු ශාන් අසල ම සිටියේ ය. පාන්දර දෙක පමණ වන විට යීබෝට ඇස් ඇරගෙන සිටීමටවත් නොහැකි තරම් අපහසුවක් දැණුනි. එබැවින් ඔහු ශාන්ගේ අත අල්ලාගෙන ම ඔහුගේ හිස අසලින් ම හිස තබාගත්තේ ය. මද වේලාවකින් ඔහුගේ දෙනෙත් නිදිමතෙන් පියවිණි.

යීබෝ දෑස් ඇරියේ මුහුණ අසලින් ම දැණුනු උණුසුම් සුසුම් පහසක් නිසාවෙනි. බෙල්ලේ කැක්කුමක් සමගින් යීබෝ හිස මදක් ඉහළට හරවා බැලුවේ ය. ඔහුගේ දෑසට හසු වූයේ තම මුහුණ අසලින් ම ඇති ශාන්ගේ පියවුණු දෑසයි. ශාන්ගේ අත් දෙකට ම යීබෝගේ එක අතක් මැදි වී තිබිණි. යීබෝගේ නළලට නළල ගෑවෙන සේ ශාන් මුහුණ තබාගෙන සිටියේ ය. ශාන් අවදි වී තමා දෙසට හැරී නැවත නිදාගෙන ඇත. ඔහු අවදි වී යීබෝ අසලට ළං වූ බවට ශාන් සිටින ඉරියව් ශාක්ෂි දැරීය. යීබෝ තත්පර කීපයක් ශාන්ගේ සොඳුරු මුහුණ දෑසින් රසවින්දේ ය. වෙලාව අළුයම හතර ය.

යීබෝ තම දෑත ශාන්ගේ දෑතින් මුදවා ගන්නට හදන විට ම ශාන් කෙඳිරි ගෑවේ ය.

" ම්.....හ්...... ගගා.........හ්......ම්......."

ඔහු කෙඳිරි ගාමින් ම යීබෝගේ අත පපුවට තුරුළු කර ගත්තේ ය.

" චූටි මහත්තයා..... ඔය කටුව ගහල තියන අත...... රිදෙයි පැටියා......"

"ම්.......ගගා........."

"නැගිටින්නකො පැටියා... අපි ඩොක්ටර්ට කතා කරමු....."

කියමින් යීබෝ සීනුව නාද කළේ ය. හෙදියක් හා කනිෂ්ඨ වෛද්‍යවරයෙක් පැමිණ ශාන් ව පරීක්ෂා කොට ප්‍රතිකාර නියම කොට ගියේ ය. 

ශාන් තවමත් සයනයේ වැතිර නිදිමත දෑසින් යීබෝ දෙස බලා සිටියේ ය.

MY LITTLE 🐰 (Completed) Donde viven las historias. Descúbrelo ahora