My Little 🐰 38
Chapter 38"උඹ............උඹ මොකද මෙහෙ ආවෙ..........?"
"බබාව ගෙනියන්න ආවෙ.........."
"උඹට බබාලා මෙහෙ නෑ................ පලයං ආපු විදිහට ම........"
"ශාන්.......... ශාන් කොහෙද ඉන්නෙ කියනවා........ මං දැං එයා ව එක්ක යනවා............"
යීබෝ ඉවසීමෙන් කීවේ ය.
"ඌව දෙන්නෑ....... ඌ දැං ඉන්නෙ මමාගෙ භාරෙ..........."
යීබෝ ගේ පුරා ඇස් යවමින් ශාන් ව සෙව්වේ ය. කේන් ඔහු ව තවමත් දොරකඩින් ඇතුළට ගත්තේ නැත.
"පට්ට කඳ බං....... සුපිරි ෆන් එකක් ගන්න පුළුවං........."
තොලකට ලෙවකමින් කේන් පැවසූ වදන්වලට යීබෝට යකා වැහුණි.
"තෝ මොකද්ද කියන්නෙ......... බල්ලා.........!!!"
කියමින් යීබෝ කේන්ගේ බෙල්ලෙන් අල්ලා නිවස තුළට තල්ලු කර පහර පිට පහර දුන්නේ ය. කේන්ට යීබෝ සමග ඔට්ටු වීමට සිතා ගැනීමටවත් කාලයක් තිබුණේ නැත. ඒ ඇසුණු ජරා වචනයට කේන්තිය නිම වන තුරු ම යීබෝ මිනිත්තු දහයක් පමණ කේන්ට බිම දාගෙන පහර දුන්නේ ය. කේන්ට නැගිට ගැනීමටවත් නොහැකිව ලේ පෙරාගෙන බිම වැතිර සිටිය දී යීබෝ උඩුමහළට දිව්වේ ය.
කාමරයක් ගානේ ශාන් ව සෙව්වත් ඉන් එකකවත් ශාන් සිටියේ නැත. අවසානයේ ඔහුට කෙළවරේ කාමරයෙන් කෙඳිරුමක් ඇසුණු හෙයින් ඔහු ඒ තුළට ගොස් අවට බැලුවේ ය. එහෙත් ශාන් දක්නට සිටියේ නැත. කාමරයේ පසෙකින් තවමත් කෙඳිරිලි හඬ නැගේ. යීබෝ නැවතත් හැරී බලන විට ඒ ඇසෙන්නේ නාන කාමරයෙන් බව වටහා ගත්තේ ය.
යීබෝ නාන කාමරයට එබී බැලුවේ ය. ශාන් නාන කාමරයේ පොළොව මත ගුලි වී කෙඳිරි ගාමින් සිටියේ උඩුකය ද නිරුවතිනි. ඒ දුටු දසුනින් යීබෝගේ හදවත කඩා වැටුණි.
"බබා........හ්"
ඔහු වහා ශාන් ව දෝතට ගෙන ගොස් ඇඳ මතින් තැබුවේ ය. ශාන් තම දෑතින් ම යටිකය මිරිකාගෙන ඇඹරෙමින් සිටියේ ය.
"උණනෙ රත්තරං..............."
යීබෝ ශාන්ට කතා කළේ ය. කම්මුලට තට්ටු කරමින් කතා කළේ ය. ශාන්ගේ ප්‍රතිචාරයක් නැත. යීබෝ ශාන්ගේ මුළු සිරුර ම පරික්ෂා කළේ ය. කම්මුල තඩිස්සි වී රත් පැහැ වී තොල පැලී ලේ මතු වී තිබුණි. නියපොතු කළු වී ඇත. උරහිසේ සුව වෙමින් පවතින සීරුම් පහරකි. වළලු නර ළඟ අපිරිසිදු වූ ප්ලාටරයක් ගසා තිබුණත් එතැන තිබූ තුවාලය තුවාලය ප්ලාස්ටරයටත් වඩා ලොකු ය. යීබෝගේ අවධානය වඩාත් යොමු වූයේ ඔහු දෑතින් ම යටිකය මිරිකාගෙන සිටින දෙසට ය. යීබෝ හෙමින් ඔහුගේ දෑත් ලිහිල් කර ශාන් ව තම පපුවට තුරුළු කර ගත්තේ ය. ශාන් ඒ මෙහොතේ යීබෝගේ උණුහුම හඳුනා ගත්තේ ය. ශාන් තව තවත් යීබෝ වෙතට තෙරපෙමින් කෙඳිරි ගෑවේ ය. ශාන්ගේ රහසඟ දැඩි වී උණුසුම් වී තිබුණි.
KAMU SEDANG MEMBACA
MY LITTLE 🐰 (Completed)
Fiksi Penggemarවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕