My Little 🐰14
Chapter 14තමාට ම දරාගත නොහැකි ව ඔහු කොරිඩෝවේ ඇති පුටුවක් මතට කඩා වැටුණි. කවදාවත් නැති අයුරින් ඔහුගේ පපුව මැද හිරවෙන්නට පටන් ගත්තේ ය. කමිසයට මතුපිටින් ඔහු පපුව මැද අතගා ගත්තේ හඬමින්ම ය.
"මට සමාවෙන්න මගෙ වස්තුව........ ගගාට සමාවෙන්න........ මේ දේවල් දුර දිග ගියොත් ඔයාට දරා ගන්න බැරි වෙයි මගෙ පැටියා........ මට වෙන කරන්න දෙයක් නෑ.......... ගගා හදන්නෙ මගෙ පැටිය ව දාලා පැනලා යන්න.තව ටික දවසයි රත්තරං මං ඔයා එක්ක ඉන්නෙ ....... මං යනවා........ සදහට ම..................... අනේ මට බෑ දෙවියනේ ......... මගෙ පණ ව දාලා යන්නෙ කොහොම ද මම........? ගගාගෙ පපුව පැලිලා මැරෙයි රත්තරං........ ඇයි මගෙ වස්තුව අපිට මෙහෙම වෙන්නේ.........?"
යීබෝ තනිව ම කියවමින් පුටුව මත ම හිඳ රිදුම් දෙන තම හදවත සනසවා ගැනීමට උත්සහ ගත්තේ ය. එහෙත් සිදු වූයේ වේදනාව වැඩි වීම පමණි.
ඔහු මනසින් තොර වූවෙක් මෙන් නිවසට ගොස් සිය ඇඳ මත වැතිර ගත්තේ ශාන්ගේ පියකරු මුහුණ සිතින් මවා ගනිමින් ය.
'ඔයා නැගිට්ට ද මගෙ පැටියා..........? වොෂ් දැම්ම ද......? කෑම කෑවද, බේත් බිවුව ද.....? ගගා ව හෙවුවද මගෙ වස්තුව.....? අනේ තවත් මාව හොයන්නෙපා පැටියා.......!!! තනියම ඉන්න පුරුදු වෙන්න ඕන ඔයා......'
ශාන් ගැන ම සිතමින් සිටි යීබෝට නොදැනීම නින්ද ළඟා වී තිබුණි. යීබෝ රෝහලෙන් පැමිණි ආකාරයට ම එහෙම්ම ම ඇඳට වැටී නිදා ගත්තා මිස ඇඳුම් මාරු කළේවත්, ආහාර ගත්තේවත් නැත. ඔහුට ඒවා අවශ්ය බවක් දැනුණේ ද නැත. ඔහුගේ මනසේ තිබූ ව්යාකූලත්වයත් සමග ඔහුගේ දෙනෙත නිදිමතින් පියවීම ද පුදුමයකි.
➡️⬅️
ඇනා සෝෆාවට වී වාඩි වී සිටියේ ශාන් කොයි මොහොතේ අවදි වේදැයි සිතමිනි. යීබෝ පිට වී ගොසින් පැයක් පමණ ගතවන විට ශාන් කෙඳිරි ගෑවේ ය.
YOU ARE READING
MY LITTLE 🐰 (Completed)
Fanfictionවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕