My Little 🐰43
Chapter 43"අපි දෙන්නා තනි වුණා එහෙනං........."
ෂියාවෝ කදුළු සලමින් ශාන්ගේ හිස සිප ගත්තේ ය.
"ඔයාලා දැං යන්න....... මං බබා ව මෙතන තියා ගන්නවා......... යීබෝ බබාගෙ බඩු ටික ගෙනත් දෙන්න...... චෙන් මට මෙතනට තව ඇඳක් දාලා ඕන......"
කිසිවෙක් දෙස නොබලා අහක බලාගෙන ම ෂියාවෝ කතා කළේ ය.
"ෂියාවෝ...... එහෙම තියා ගන්න බෑ මචං......... පොඩ්ඩක් තේරුම් ගනිං......."
"උඹට බැරිද කියපං.......?"
"මචං........ මේ හොස්පිට්ල් එක මගේ නෙවෙයි....... මාත් මෙහෙ පඩියට වැඩ කරන්නෙ........"
චෙන් කරුණු පැහැදිලි කළේ ය. ෂියාවෝ නොරිස්සුමෙන් ඔහු දෙස බලා වෙන ලේකම් වෙත හැරුණේ ය.
"වෙන්...... මේ දැම්ම......... මේ හොස්පිට්ල් එක ගන්න ඕන........ මේක බැරි නං වෙන ගන්න පුළුවන් හොඳ ම හොස්පිට්ල් එක ගනිං....... මට පුළුවන් මේ ඉලවුව දාලා එතනට ගිහිං මගෙ දරුවා මගෙ ළඟ ම තියා ගන්න."
"ෂියාවෝ...... මොකද බං මේ......? නැගිට්ට ගමං මැරෙන්න හදන්නැතුව පොඩ්ඩක් ඉඳපං........මං බලලා එන්නං...."
කියමින් චෙන් ෂූ එළියට ගියේ ය. දොර අසලට ගිය ඔහු නැවත හැරී යීබෝට කතා කළේ ය.
"යීබෝ ශාන් ව ගන්න........."
"ඕන්නෑ...... හිටපුදෙන්......"
ෂියාවෝ කීවේ ය. චෙන් නැවත කාමරයට ආවේ ය.
"ෂියාවෝ ......... උඹට හොඳ නෑ තවම......... දැං පැයක් විතර කොල්ලා ඇඟ උඩනෙ......යීබෝ ගන්න......."
ෂියාවෝ නිශ්ශබ්ද විය. යීබෝ පැමිණ ශාන්ගේ අත් යටින් අත් දමා ඔහුව ඔසවා අල්ලා ගත්තේ ය. ශාන් නින්දෙන් ම කෙඳිරි ගෑවේ ය.
"ම්.....හ්......පපා...... පපා.....හ්.......ම්............."
යීබෝ ශාන් ව පරිස්සමින් ඔසවා පපුවට වඩා ගත්තේ ය.
"ම්....... හරි හරි......... ගගා ගත්තෙ බබා......."
යීබෝ ශාන් ව වඩා ගනිමින් කීවේ ය.
"ගගා.......හ්"
ශාන් කෙඳිරි ගාමින් යීබෝගේ් කර වටා දෑත් දමා බදා ගත්තේ උරහිස මත සැප පහසුවට හිස තබා ගන්නා ගමන්ම ය. යීබෝ ශාන් ව වඩාගෙන ශාන් සිටි කාමරයට ගියේ ය.
YOU ARE READING
MY LITTLE 🐰 (Completed)
Fanfictionවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕