28 ආයෙත් ඒ තුරුළේ

426 87 14
                                    

My Little 🐰 28
Chapter 28

ඔහුට ඒ කාර්ය නිම කිරීමට මිනිත්තු හතළිස් පහක පමණ කාලයක් ගත විය.

උදෑසන නවය පසු වී මිනිත්තු පනස් පහක් ගත වන විට කාමරය පිරිසිදු කිරීමේ කණ්ඩායම යීබෝගේ කාමරය ඉදිරිපිට සීරුවෙන් තබාගෙන ශාන් තම අත් ඔරලෝසුවෙන් වෙලාව බලමින් කලබලයෙන් නළියමින් සිටියේ ය. ඒ මොහොතේ යීබෝ වෛද්‍ය චෙන් සමග දුරකථන ඇමතුමක යෙදී සිටියේ ය. ඒ කතා බහ නිම වන විට ම යීබෝගේ දොරට තට්ටු විය.

"මොකද බබා මේ..........? මොකද මේ හමුදාවක් ම අරගෙන....... ?"

යීබෝ පෙර සිදුවීමද මතක් කර ගනිමින් ඇසුවේ ය.

"අයියෝ......... බලන්න දැං දහයත් වෙලා...... ඔයා තාම මෙතන ගගා........ නාන්න කිවුවා නේද දහයට.....? යන්න යන්න....... කෝ ඉතිං........ "

ශාන්ගේ නෝක්කාඩුවට අවනත වී යීබෝ යන්නට හැරුණේ ය. ශාන් නැවත කතා කළේ ය.

" ආ..... මේ......... ඇඳුම් ඔක්කොම ලොන්ඩ්‍රි බකට් එකට දාන්න...... දාලා ඒක එළියෙන් තියන්න......... ඇතුළෙ තියන ඒවා ඔක්කොම අලුතින් තිබ්බෙ. ඒවා යූස් කරන්න. තේරුණා ද.......?"

"..............???"

" ගගා.......... තේරුණාද....?"

එහෙත් යීබෝගෙන් උත්තරයක් නැත. යීබෝ දෑස් හා මුව අයාගෙන ශාන් හා අනෙක් අය දෙසත්, ඔවුන් අත ඇති අඩුම කුඩුම දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිටියේ ය.

"ගගා...........හ්"

ශාන් අත තිබූ සැනිටයිසරයෙන් යීබෝට දමා ගැසුවේ ඔහු අසලට යාමට තවමත් අවසර නැති නිසාවෙන් ය.

"අහ්.......... ආ..... හා හා........මං එහෙම කරන්නං......එහෙම කරන්නං.........."

යීබෝ හිස කසමින් නාන කාමරය වෙත ගියේ ය. ශාන් නැවතත් කෑ ගැසුවේ ය.

"ගගා..........හ්..... බාස්කට් එක.........."

ශාන් ඇඟිල්ල දිගු කොට පෙන්වී ය.

"අහ්......හරි....... බාස්කට් එක....... ඔව් ඔව්...... බාස්කට් එක......නෙහ්..... බබා කිවුවනෙ....... ඔව් කිවුවා...... හරි මං ගත්තා.......... දැං හරි........... දැං මං මේකට ඇඳුම් දාලා දෙන්නං නෙහ්........?"

යීබෝ විකාරයක් කරමින් නාන කාමරයට ගියේ ය. ටික වේලාවකින් යීබෝ මදක් දොර  හැර අත පමණක් එළියට දමා බාස්කට් එක එළියෙන් තැබුවේ ය. සේවකයෙක් එය රැගෙන ගියේ ය. අනෙක් අය කාමරයට පැමිණ ශාන්ගේ උපදෙස් පරිදි පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කළෝ ය.

MY LITTLE 🐰 (Completed) Wo Geschichten leben. Entdecke jetzt