16 ගගා ඇවිත්

456 85 4
                                    

My Little 🐰 16
Chapter 16

"හෙවුව ද.......? හෙවුවා නෙවෙයි...... ගෙනත් දෙන්න කියලා එකට ම පොරේ ඇල්ලුවා...... ඉකි ගගහාමයි නින්දට වැටුණෙත්....... ඩොක්ටර්ත් හිටියා......"

ශාන් තමා ව ඉල්ලමින් රණ්ඩු කළ බව ඇසීමෙන් යීබෝටත් හොරා ඔහුගේ හදවත සතුටින් ඉපිලුණි. එහෙත් යී⁣බෝගේ මොළය හදවතට වැඩිපුර සතුටු වෙන්නට නොදී එය මෙල්ල කොට අගුලු ලෑවේ ය.

"මම ගිහිං ඩොක්ටර් ව මීට් වෙලා එන්නං......"

කියමින් යීබෝ පිටව ගියේ ය.

යීබෝ වෛද්‍යවරයාගේ කාර්යාල කාමරයට ඇතුළු විය.

"Good afternoon  doctor..!"

"Good afternoon  Yibo..! Come and sit.."

"Thank you doctor."

"How could you do that Yibo .....?"

වෛද්‍යවරයා එකවරම නොරිස්සුම් සහගත ලෙස විමසුවේ ය. ඔහු අසන්නේ කුමක් පිළිබඳවදැයි දන්නා හෙයින් යීබෝ නිහඬව ම මේසය දෙස නෙත් යොමාගෙන සිටියේ ය.

මදකට පමණ පසු ඔහු කතා කළේ ය.

"ඊයෙ සිද්දියෙන් පස්සෙ මං හිතුවා එයාගෙන් ටිකක් ඈත් වෙන්න කියලා ඩොක්ටර්......."

"ඉතිං...... !!! වරුවක්වත් ඉන්න බැරි වුණා එයාට......!"

"එයා පුරුදු වෙයි........ එයා තාම පොඩි දරුවෙක් නිසා........."

"එයා තාම පොඩි දරුවෙක් නිසා තමයි අපි එයා ළඟ ඉන්න ඕන යීබෝ.........එයාගෙ ලෝකෙ ඉන්නෙ අත් දෙකේ ඇඟිලි ගානටත් වඩා අඩු පිරිසක්........ දැං ඒකෙන් එයාගෙ ළඟ ම හිටපු දෙන්න ම නෑ..... ඊළඟට ඔයත් පැනලා යන්න හදන්නේ.... එයා ව තනි කරලා ඔයාට ඕන මේකෙන් ගැලවෙන්න ද.........?"

වෛද්‍ය චෙන් නිලය අල්ලා පහර එල්ල කළේ ය.

" No.......no..... no....... its not like that.......!!!"

යීබෝ හිසේ දෑත ගසාගෙන කෑ ගැසුවේ ය. එහෙම ම හිඳ දෙනෙත් පියාගෙන ඔහු මදක් කල්පනා කළේ ය. ඒ අතරත් ශා⁣න්ගේ මලක් මෙන් සිනාසෙන මුහුණ නෙතු පියන් අස්සේ මැවී නොපෙනී ගියේ ය.

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
MY LITTLE 🐰 (Completed) Donde viven las historias. Descúbrelo ahora