My Little 🐰 35
Chapter 35රාත්‍රීය වන තුරුත් යීබෝ නිවසට නොපැමිණියේ ය.
ඇනා හා වන්ග් කොතෙක් දුරකථන ඇමතුම් දුන්නත් ඔහු ඒවාට පිළිතුරු දුන්නේ නැත. රාත්‍රී අට පසුවන විට ඇනා කුවාන් ට කතා කොට විස්තරය කීවා ය.
"අනේ පුතේ, කවදාවත් මෙහෙම හිතුවක්කාර වෙලා නෑ. ඇයි ද මන්දා මේ.......? චූටි මහත්තයා ගිය එකට දුකෙන් හිටියෙ. මාත් ඔහේ ඉන්න ඇරලා හිටියෙ කමක් නෑ කියලා........ ඊයෙ රෑට කෑවට පස්සෙ වතුර උගුරක්වත් බීලා නෑ. අනේ කතා කරලා බලන්නකො පුතේ...........!"
"හරි ආන්ටි........ මං බලන්නං........ ආන්ටියි අංකලුයි කලබල වෙන්නැතුව ඉන්නකො........ අංකල්ට එළියට යන්න එපා කියන්න මං බලලා කෝල් කරනකං......."
"හොඳයි පුතේ........,"
කුවාන් යීබෝට ඇමතුම් කීපයක් ගත්තත් වැඩක් වූයේ නැත. නිවසේ බලා සිටිය නොහැකි නිසා ඔහු වාහනය ගෙන නගරය දෙසට ගියේ ය.
'මූට ශාන් නැතුව බෑ වගේ....... කොහෙං කෙළවර වෙයිද මේවා......? අනේ මන්දා යීබෝ........? මෙච්චර අවුරුදු තිහක් වෙනකං හිටියා........ දැං මොකද්ද මේ නටන නාඩගම.........? '
'මූ ශාන්ට ලව් මට හිතෙන්නෙ......... බොරුව දානවා අපිට....... හිටපංකො පුතා........ අද තමයි උඹට වැළලෙන්න හිතෙන්නේ.........'
නොයෙක් දෑ සිතමින් කුවාන් අවට බලමින් වාහනය ඉදිරියට රැගෙන ගියේ ය. නගරය පුරා රවුම් ගැසුවත් ඔහුට යීබෝව සොයාගත නොහැකි විය.
රාත්‍රී නවය පමණ වන විට යීබෝගේ දුරකථනයෙන් ඔහුට ඇමතුමක් ආවේ ය.
"හෙලෝ යීබා..... කොහෙද බං ඉන්නේ.......?"
කුවාන් කඩා පැන්නේ ය.
YOU ARE READING
MY LITTLE 🐰 (Completed)
Fanfictionවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕