05 මං බය නෑ

584 103 7
                                    

My Little 🐰5
Chapter 5

ඒ අවසරයෙන් යීබෝ ශාන් ව තුරුලේ තබා ගෙන ම ඇඳ විට්ටමට හේත්තු විය. ඔහු තාමත් ශාන්ගේ කෙස් අතරින් අතගාමින් කල්පනාවේ ම  සිටියේ ය.

" මට මේ දැනෙන දේ මටවත් තේරෙන්නෙ නෑ චූටි මහත්තයා......... මේ ගැන නිදහසේ කල්පනා කරන්න තිබ්බ නම් හොඳයි. ඒත් මට මේ අමාරු දවස් කීපය ඔයා ළඟ ම ඉන්න ඕනි. අත අතනෑර ම...... ඒත්....... ඒත්......... මන් දන්නෑ මගේ පැටියා ..... මොකද්ද මට මේ වෙන්නේ.....? මට ඔයත් එක්ක ඒ ගැන කතා කරන්න තිබ්බ නං........"

යයි සිතමින් යීබෝ කාමරය පුරා බර සුසුමන් පා කළේ ය.ඒ සිතැඟි ශාන්ට වැටහුනාක් මෙන් ඔහු තවත් යහන මත් හරිබරි ගැසී යීබෝගේ පපුව කිටිකිටියේ වැළඳ ගත්තේ පාදයක් ද යීබෝගේ සිරුර මතින් දමමින් ය. මද වේලාවකින් ඒ උණුසුමේම යීබෝ ද දෑස් පියා ගත්තේ ය.

උදෑසන හත වන විට ඇනා ශාන්ගේ කිරි වීදුරුවත් රැ⁣ගෙන ඉහළ මාලයට නැග්ගා ය. එකිනෙකා වෙන් කළ නොහැකි සේ තුරුළු වී සැනසිල්ලේ නිදන දරුවන් දෙදෙනා දුටු ඇගේ දෑස කඳුළින් තෙත් විය. මේ මොහොතේ ඇගේ සිත තුළ ඇත්තේ බියක් ද, දුකක් ද, සතුටක්දැයි ඇයවත් දන්නේ නැත. පැය කීපයකට පෙර නිදා සිටි අයුරින් නොව දැන් ශාන් මුලුමනින් ම සිටින්නේ යීබෝගේ සිරුර මතයි.

 පැය කීපයකට පෙර නිදා සිටි අයුරින් නොව දැන් ශාන් මුලුමනින් ම සිටින්නේ යීබෝගේ සිරුර මතයි

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

" ලොකු පුතේ........ ලොකූ........ නැගිටින්න ළමයො......හතත් පහු වෙලා......"

" ම්....... අහ්..... මමා........"

" නැගිටින්න..... පපා අටහමාර වෙද්දි එනව කිවුවා... චූටි මහත්තයවත් ලෑස්ති කරං ඉන්නයි කිවුවා...."

"ම්...... මං ලෑස්ති කරවන්නං මමා........ ඕක ඔහොම තියලා යන්න මමා."

ඇනා කිරි වීදුරුව මේසය මතින් තබා ගියා ය. ඉතිං යීබෝ මේ සූදානම් වන්නේ පුංචි සුරතලාගේ නිදහසේ පිය වී ඇති දෑස යළි හඬවන්නටයි.

MY LITTLE 🐰 (Completed) Tempat cerita menjadi hidup. Temukan sekarang