34 මෝඩයා පලයං

386 78 3
                                    

My Little 🐰 34
Chapter 34

ශාන්ගේ මූණ රතු වී හිස කෙස් අවුල් වී තිබුණි. යීබෝ සද්ද නැත.

"ඇනී මමා.......... ඇනී මමා......... මට යන්න බෑ......... වන්ග් පපා මට යන්න බෑ......... බබාට යන්න බෑ.......... ඔයාලා කියන්නකෝ මාව බලා ගන්නවා කියලා.......... "

ඔහු වන්ග්ටත් ඇනීටත් ඇවිටිලි කළේ ය.

"අනේ මේ ශාන්............ විකාර නැතුව නගිනවා.........."

කේන් සමච්චලයට සිනහ වෙමින් කීවේ ය.

"You shut up....... idiot........!"

ශාන් කෑ ගැසුවේ ය.

"මොකද්ද උඹ කිවුවෙ.........? මූසලයා...........!"

කේන් ශාන්ට ගහන්නට පැන්නේ ය. එසැණින් යීබෝ මැද්දට පැන්න හෙයින් ඒ පහර යීබෝට වැදුණි. යීබෝ බිම බලාගෙන සිටියේ හාම් පුතුන්ට අත එසවීමට නොහැකි හෙයිනි.

"ගගා..............."

ශාන් කෑ ගැසුවේ ය. කේන් වේගයෙන් පිටතට ගොස් වාහනයට නැග්ගේ ය.

"මං එන්නෑ...... ඔයාලා යන්න........"

ශාන් නැවතත් කීවේ ය.

"යෝෂින් ඉක්මන් කරනවා............!!!"

යෝෂින්ගේ සැමියා නැවත පැමිණ කෑ ගසා යන්නට ගියේ ය.

"Zhan...... let's go son......."

යෝෂින් ශාන්ගේ අතින් අල්ලා ගත්තේ ය. 

"බෑ......හ්............. ගගා මාව අල්ලගන්න.......... ගගා මාව හංගන්නකෝ........... ගගා මාව අරං කොහෙහරි යන්නකෝ............. ගගා බබාට බෑ........... ගගා මාව අරං යන්න........... ප්ලීස් ගගා..........!"

අවසානයේ යීබෝ මුව විවර කළේ ය.

"You must go baba........"

යීබෝ බිම බලාගෙන ම කීවේ ය. එය සවන් වැකෙත් ම ශාන්ට උන් හිටි තැන් අමතක විය.

"ගගා.....හ්"

ශාන් යීබෝ අසලට ම ගොස් යීබෝගේ පිටිපතුල් මත සිය නිරුවත් යටිපතුල් තබා හිට ගත්තේ ය. ශාන්ගේ කඳුළු අලුත් විය. ශාන් යීබෝගේ පිට වටේ අත් දමා බදාගෙන අල්ලා ගත්තේ ය. යීබෝ ශාන් දෙස බැලුවේ නැත. ශාන් යීබෝගේ පපුවේ වම් පසින් කටට හසුවන තරමක් තදින් හපා ගෙන සිටියේ ය.

පිට පුරා පහුරු ගෑවේ ය. කෙතරම් වේදනා දුන්නත් යීබෝ ගහක් ගලක් මෙන් සිටියේ ය. ශාන් යීබෝ ව හපාගෙන ම හැඬුවේ ය. මිනිත්තුවක් පමණ එලෙස ම හිඳ හැඬුවේ ය. යීබෝට දැන් එතැන වේදනාව දැනෙන්නේ නැත. 

MY LITTLE 🐰 (Completed) Where stories live. Discover now