My Little 🐰 33
Chapter 33යීබෝගේ පපුව නැවතුනාක් මෙන් විය. සියල්ල නිම වන්නට යන යන බව යීබෝ දන්නේ ය. ඔහු දත්මිටි කාගෙන සිටියේ ය. සියලු දෙනා ම වාහනයෙන් බැස්ස පසු වන්ග් වාහනය රැගෙන ගරාජය වෙත ගියේ ය. දහවල් ආහාර ගන්නා තුරුවත් ඒ කිසිවෙක් ශාන් හා කතා කළේ නැත. යෝෂින්, ඇගේ සැමියා හා දරුවන් තිදෙනා විටින් විට ශාන් දෙස බලා ඔවුන් ඔවුන් ම යම් යම් දේ කතිකා කර ගත්තේ ය. යෝෂින්ගේ වැඩිමහල් පුතා හා සියණිය ශාන් දෙසට සමච්චල් සහගත සිනහවන් යොමු කළ අතර කාමත් පාසල් වියේ පසු වන බාල දියණිය නිහඬව ම අවට බලමින් සිටියා ය.
"ඒයි ශාන්.......... මෙහෙ එනවා......... තමුසෙ දැං අපි එක්ක යන්න එනවනෙ........?"
එතනින් වැඩිමලා කේන් විමසී ය. කේන්ගේ හඬට ආහාර ගනිමින් සිටි ශාන් ගැස්සී ගියෙන් අත තිබූ හැන්ද පිඟාන මතට වැටිණි. අද යීබෝ කෑම මේසයට නොපැමිණි නිසා ශාන් බිය වී සිටියේ ය. යීබෝ මුළුතැන්ගෙයට වී කෑම කාමරයේ සිදුවන සියල්ලට ම ඇහුන්කන් දෙමින් සිටියේ ය.
කේන් සිය සොයුරිය අශී වෙතට යමක් මුමුණා ශබිදයෙන් සිනහ විය.
"තමුසෙ තාමත් බබා ටයිප් ද........... ආ........?"
කේන් යළි ඇසුවේ ය.
"Khaine...... shut up .......!"
යෝෂින් එසේ පවසා ඇසක් ඉඟි කළා ය. ඉන්පසු සියල්ලෝ ම නිහඬ ව ආහාර ගත්තෝ ය. යෝෂින් කෑම මේසයෙන් නැගිට්ටේ තමන්ට ගෙන යාමට රාත්‍රී ආහාර සූදානම් කරන ලෙස ඇනාට පවසමිනි. සාලයට ගිය ඇය ශාන් කැඳවා කතා කළේ කරුණාවක් මවාගත් කටහඬකිනි.
"ශාන් පුතා.......... එන්න ආන්ටි ළඟට......... දැං ආන්ටි එක්ක යන්න ලෑස්ති ද...........?"
"ක්.... කො.......කොහෙද.......?"
"කොහෙද අහන්නෙ..........? අපේ ගෙදර............. අද ඉඳං ඔයා අපිත් එක්ක ඉන්නෙ......... අපේ ගෙදර....... දැං මමායි පපායි නෑනෙ සන්........ඔයාට දැං ආන්ටියි ආන්ටිගෙ ෆැමිලි එකයි විතරයි ඉන්නෙ........."
"No........never...... මං එන්නෑ............. පපා ඉන්නවා මට.... පපා එනකං ගගා මාව බලා ගන්නවා............"
"සන්......... සර්වන්ට්ලට ගගා කියන්නෑ........... ඔයාට ඕන ම නං නම කියලා කතා කරන්න."
CZYTASZ
MY LITTLE đ° (Completed)
Fanfictionāˇāˇāļģ āļāļĢāļąāļāˇ āļļāļŊāˇ āˇāˇāļ§āˇāļēāļāˇ āļ´āˇāļąāˇāļą āļāˇāˇāļąāˇ āļ¯āˇāļģāļ āˇāˇāļ§āˇāļēāļāˇ āļŊāļļāˇ āļāļąāˇāļąāļ§ āļāˇāļ¸āļ¯āˇāˇāļāˇ āļąāˇāˇāˇāļāˇ āˇāˇāˇāˇāļ¯ āļāļļāˇ āˇāˇāļāˇāļ¸āļąāˇ đđđāļāļāˇđđđ āļ¯āˇāļŊāˇ āļēāļąāˇāļąāļ§ āˇāˇāļāļąāˇāļąāļāˇ āļļāˇāļģāˇ āļąāˇāļāˇāˇ āļāļąāˇāļąāļ§ āļāˇāˇāˇāļ¸āˇāļāˇ āļļāˇāļģāˇ āļ¸āļāˇ āļĸāˇāˇāļą āˇāˇāˇāļē āļāļļāļ¸āļēāˇ āļāļ¯āļģāˇāļēāˇ āļ¸āļ āļ¸āˇ āļāˇāļŠāļāˇ đđđāļļāļļāˇđđđ