My Little 🐰 26
Chapter 26පසු දින වන විට යීබෝගේ සෞඛ්‍ය තත්වය තරමක් සුව අතට හැරී තිබුණි. එයින් යීබෝටත් වඩා සතුටට පත් වූයේ ශාන් ය.
ෂියාවෝ මහතා අනතුර සිදු වීමට පෙර දී ලබා දී තිබූ උපදෙස් අනුව වෙන් මහතා යීබෝගේ රැකියාව සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කොට බංගලාවට පැමිණියේ යීබෝ සුව අතට හැරෙමින් තිබුණු නිසා ය. යීබෝ ශාන් ව මගහැර කාමරයට වී සිටින නිසා වෙන් මහතා කෙලින් ම යීබෝගේ කාමරයට ම ගියේ ය.
"යීබෝ ....... කොහොම ද දැං.........?"
" අද නං ටිකක් සනීපයි සර්........."
"අන්න........ ඔයාගෙ පොඩි මෑන් මැලවෙලා ගාර්ඩ්න් එකේ ඉන්නවා......... මා එක්ක කතා කළෙත් නෑ අද.........."
"ආ......... ඔව්, එයා ටිකක් අප්සෙට් එකේ ඉන්නේ........ වාඩිවෙන්න සර්..........."
"මං හදිස්සියෙ ම ඔයා හොයාගෙන ආවෙ වැදගත් වැඩකට යීබෝ........."
"ඒ මොකද්ද සර්........?"
"යීබෝ ............ ඔයා දන්නවනෙ ලොකු සර් ශාන්ගේ අධ්‍යාපන කටයුතු වගේ ම එයාගෙ හැමදේ ම ඔයාට බලාගන්න කියලා යෝජනාවක් ගෙනාවා කියලා......... ෂියාවෝ ස්කූල් එකට සම්බන්ධ වුණ ජොබ් එකකුත් එක්ක ම............"
"ඔව් සර්......... ලොකු සර් දවසක් මට කෝල් කළා...... ඇක්සිඩන්ට් එකට දවස් දෙක තුනකට කලිං....... ඒත් ඊට පස්සේ මට ඒ ගැන කතා කරන්න බැරි වුණා....... අඩු ම මං ඒකට කැමැත්ත අකමැත්තවත් කිවුවෙ නෑ. මට දැං ඒ ගැන තියෙන්නෙ පසුතැවීමක් සර්........!"
"මොකද්ද පසුතැවීම යීබෝ........?"
"මට තිබුණා එදා ම බබා ව බලා ගන්න මට පුළුවන් කියලා කියන්න....... ඒත් මං කිවුවෙ නෑ.......... එහෙම කියලා තිබ්බ නං මැඩම් යෝෂින්ගෙ ප්‍රශ්නෙ මේ තරම් අමාරු වෙන්නෙ නෑ..........."
YOU ARE READING
MY LITTLE 🐰 (Completed)
Fanfictionවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕