29 හැඟීම්වලින් චුට්ටක්

453 80 2
                                    

My Little 🐰 29
Chapter 29

"............තව ටික දවසකින්........... අපිට මොකක් වෙයිද පැටියො........?"

යීබෝ බර සුසුමක් අතහැරියේ ය. මැඩම් යෝෂින්ගේ පැමිණීමට තව ඇත්තේ මසකටත් අඩු කාලයකි.

"ලොකු සර් ඉක්මනට ඇස් අරින්න දෙවියනේ...... මගෙ පැටිය ව බේරලා දෙන්න........."

යීබෝ තනිව ම ප්‍රාර්ථනා කළේ ය. එවිට ම ශාන්ගේ කිරි වීදුරුව රැගෙන ඇනා කාමරයට පැමිණියා ය.

"නිදි ද පුතේ.......?"

"ඔව් මමා...... කලිම් ම නින්ද ගියානෙ....... ඇහැරව ගන්න ම බැරි වුණානෙ........"

"මදැයි හය වෙනකං වත් හිටියා......... ඊයෙ ඉඳලා අල්ලපු අඩවුවෙ හැටියට මං හිතුවෙ නෑ වරුවක්වත් ඇහැරලා ඉඳියි කියලා......"

"ඇයි මමා......... මොකද වුණේ.......? මගෙ රූම් එක කනපිට ගහලා......."

"ඔයාට අද නාන්න පුළුවන් කියලා මම වන්ග් එක්ක කියපු එක ඇහිලා....... ඒ වෙලාවෙ ඉඳං මගෙ කෙස් ටික ගැලෙව්වෙ නැති ටික විතරයි......... නෝට් බුක් එකක් අරං ඔක්කොම ලියා ගත්තා......ඊ⁣යෙ රෑ නිදා ගන්නකොට දොළහත් පහු මයෙ හිතේ......"

"එච්චර මොනාද කළේ ..........?"

යීබෝ  ශාන්ව දෝතට ගෙන නැගිට ඔහුව ඇඳ මතින් තබමින් ඇසුවේ ය.

"මේං කරපුවා.........!"

කියමින් ඇනා මේසය ළඟ තිබූ කඩදාසි ගුලි කූඩයක්ම යීබෝට පෙන්වී ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කියමින් ඇනා මේසය ළඟ තිබූ කඩදාසි ගුලි කූඩයක්ම යීබෝට පෙන්වී ය. ශාන්ට පොරෝනය දමා යීබෝ ඒ කඩදාසි කීපයක් දිගහැර බැලුවේ ය. ශාන්ගේ කටු අකුරු හා රූප සටහන් ඒවායේ විය. උදෑසන සිට කළ යුතු කාර්යයන් , යීබෝ්ගේ කාමරයේ රූප සටහන්, සනීපාරක්ෂක ද්‍රව්‍යවල නම්, ආහාර ද්‍රව්‍යවල නම් ලියා ඒ මතින් කුරුටු ගා, නැවත ලියා විකාරයක් කර තිබුණි.

MY LITTLE 🐰 (Completed) Where stories live. Discover now