06 යන්නෙපා මමා

545 99 5
                                    

My Little 🐰6
Chapte 6

'හිතුවටත් කලිං' යීබෝ සිතුවේ ය. යීබෝට හීල්ලිණ. එහෙත් කරන්නට දෙයක් නැත. ඔහු ශාන් ගිය දෙස බලා සිටියේ පපුව පැලී යන තරම් වේදනාවෙනි.

ශාන් සෝදාගෙන එළියට පැමිණියේ ඇඳුම් සියල්ල තෙමාගෙන ය. කුඩා කල සිට  ම ඔහු ඇඳුම් තෙමාගෙන සිටීමට දැක්වූයේ දැඩි අකමැත්තකි. එවිට ඔහු තෙමුණු ඇඳුම් ගලවා සී සීකඩ විසි කර දමයි. මෙවෙලේත් ඔහු මුලින් ම ටී ෂර්ටය ගලවා  මුල්ලකට විසිකර දැමුවේ ය. ඉන්පසු ව කලිසම ගලවා තවත් දෙසකට විසි කළේ ය. එසැනින් ඔහු ගියේ යීබෝ සූදානම් කර තැබූ ඔහුගේ ඇඳුම වෙතයි. එයින් දිගු කලිසම ගෙන ඇඳගන්නට සූදානම් වූ ඔහු ව යීබෝ නතර කළේ ය.

" ඇයි ගගා....."

" චූටි බබා..... අන්ඩර් වෙයාර් එක මාරු කරල අඳින්න ඕන. ඔය ඊයෙ ඇඳපු එක පිටින්නෙ ඉන්නෙ...."

" ආ...... ඔව්..... සොලී......"

කියමින් ඔහු එය එතන ම ගලවා දැමීය. ලැජ්ජාවක් දැන් ඔහුට නැත. මේ ඔහු ගමන් කරන්නේ ඔහුගේ ළමා මනස වෙතයි. එහෙත් යීබෝට සිතුණේ ඒ ගමන ඉතා වේගවත් බවයි. නමුත් යීබෝ බලා සිටියේ යට ඇඳුමේ සිට පිළිවෙළින් ඔහු ඇඳුම් අඳින දෙසයි. ඉතා කඩවසම් තරුණයෙක් ඉතා සංයමයෙන් සූදානම් වන අයුරකි ඔහුගෙන් දිස් වූයේ. ඉතා හොඳින් හෙමින් සූදානම් වූ ශාන් අවසානයේ ටයි පටිය අතැති ව යීබෝ දෙසට හැරුණි. සත්‍යයකි...... ශාන්ට කවදාවත් ටයි දැමීම , ලේස් ගැට ගැසීම කළ නොහැකි ය. යීබෝ ටයි පටිය දමා අවසන් වන තුරුත් ශාන් ගෙල ඔසවාගෙන යීබෝගේ දෑස් දෙස ම බලාගෙන සිටියේ ය.

ශාන් ව සූදානම් කර අවසානයේ යීබෝ ද සූදානම් වී දෙදෙනාම පහළට ගියේ ය. ඇනා සාදා දුන් ශාන් කැමති ම සැන්විච් වර්ගයෙන් පෙති දෙකක් ම ආහාරයට ගෙන කිරි වීදුරුවක් ම බීවේ ය. උදෑසන ලබා දුන් කිරි වීදුරුවත් නොබිවු නිසා යීබෝට නම් ඒ ආහාර ගැනීම හිතට සැනසිල්ලක් ගෙනාවේ ය. වන්ග් විසින් ඔවුන් තිදෙනාව ම අවමංගල්‍ය ශාලාව වෙත රැගෙන ගියේ ය.

මෘත දේහය පෙනෙන්නට නොතිබූ නිසා ශාන් වැඩි කලබලයක් කළේ නැත. එහෙත් මල් මාලාවලින් සරසා තිබූ තම මවගේ ඡායාරූපය අත ගාමින් කියවන්නට විය.

MY LITTLE 🐰 (Completed) Donde viven las historias. Descúbrelo ahora