42 මගෙ පපා

458 93 7
                                    

My Little 🐰42
Chapter 42

"මං තරහයි ඔයාලා එක්ක.......!"

"අනේ රත්තරං.......... මං දන්නෑ උං මේ වගේ ජරා ජාතියක් කියලා.......... මට කවුරුත් කිවුවෙ නෑනෙ............ මට එන්න දුන්නෑ ඔයාව බලන්න............"

"ඒ වුණාට............ ඒ වුණාට ඔයා මට යන්න කිවුවනෙ.............!"

"හරි මැණික............ සමා වෙන්න........... දැං අපි මොනාහරි කමු.............."

"බෑ.......... මටෝන්නෑ.............. ඔයා එපා මට.........."

ශාන් යළිත් කෑ ගැසුවේ ය. ඔහුට නැවතත් ඇඬුණි. ඔහු ඉකි ගසමින් කාමරයේ පසෙකට වුණි.

  "ඇයි මැණික මේ........... ඇඳට යමුකෝ................."

යීබෝ ඔහු අසලට යමින් කීවේ ය.

"එපා........... එපා......... මට බෑ........ මට බයයි......... ම.....ට............ බ........ය.....යි........."

කෑ ගසමින් සිටින විට ම ශාන්ගේ හිස අප්‍රාණික ව පසුපසට කඩා වැටෙන්න ගියේ ය. ඒත් එක්ක ම ශාන් අප්‍රාණික ව මෙන් පිටු පසට අඩියක් විසි වී වැටෙන්නට යන විට ඔහු කෑ ගැසුවේ ය.

"ගගා.......හ්"

ශාන් කැනියුලාව ගැසූ අත හිසට තබා ගනිමින් අනෙක් අත යීබෝ දෙසට දිගු කරමින් යටිගිරියෙන් කෑ ගැසුවේ ය. ශාන්ගේ සිරුර ඇද වැටුණි. යීබෝ වහා පැන ශාන් ව බිමට වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.

ශාන්ගේ දෑස් පිය වී අප්‍රාණික වුණු සිරුර යීබෝගේ දෑත මත විය. ශාන් අපහසුවෙන් දෑස් විවර කරන්නට උත්සහ ගත්තේ ය.

"ගගා.....හ්"

"අනේ රත්තරං........ ඇයි මේ...........? කතා කරන්නකෝ...........කෝ ඇස් පියන්න එපා......... ගගා දිහා බලන්න......"

යීබෝ කඳුළු අතරින් ම කලබල හඬකින් ශාන්ට කතා කළේ ය.

"ග...ගා.....හ්.........."

ශාන් කෙඳිරියක් මෙන් යීබෝ ව ඇමතුවේ ය. යීබෝ ශාන් ව පරිස්සමින් ඇඳ මත තැබුවේ ය. ශාන්ගේ දෑස් නිදිමතෙන් මෙන් පියවී නැවත ඇරුණේ ය. ඇස්පිල්ලම් කීපයක් ගැසූ ශාන් ඇඳ මත ඉඳ ගැනීමට උත්සහ කළේ ය. යීබෝගේ උදව්වෙන් ඔහු ඇඳ මත ඉඳගත්තේ දෙපා පහළට එල්ලා ගනිමින් ය. යීබෝගේ පපුව මට්ටමින් ඇති හිස ඔසවා මලානික වූ දෑසින් යීබෝගේ දෑස දෙස බලාගෙන කතා කළේ ය.

MY LITTLE 🐰 (Completed) Tahanan ng mga kuwento. Tumuklas ngayon