My Little 🐰 49
Chapter 49"මට සමාවෙන්න ලොකු සර්........ මං හිතලා කළේ නෑ....... ඒ වගේ ම මට වෙන බලාපොරොත්තුවකුත් නෑ..........."
යීබෝ කියන විට ෂියාවෝට එදින චෙන් සමග කළ කතා බහ සිහිපත් විය.
⏲️⏲️⏲️
එදින මතකය
(චෙන් උදේම ඇවිත් ෂියාවෝ ව මුණ ගැහුණු දිනය.)
"ඔව් මචං........ යීබෝ මං එක්ක මේ ගැන කතා කළා. ඇත්තම කියනව නං මමයි යීබෝ එක්ක කතා කළේ. මොකද මං ඒක දැක්කා....... දෙන්නගෙන් ම......."
ෂියාවෝ මිනිත්තු පහක් පමණ නිහඬව ම කල්පනා කළේ ය. චෙන් එයට බාධා කළේ නැත. අන්තිමේ ෂියාවෝ කතා කළේ ය.
"චෙන්........... මට උඹට දෙයක් කියන්න තියෙනවා.... මේක මං ඇරෙන්න ශාන්ගේ අම්මවත් දැනගෙන හිටියෙ නෑ...... දැනගෙන හිටියනං එයා මට මේක කරන්න දෙන්නෑ... මගෙ අරමුණ නොදැන හිටිය නිසා එයා මට උදව් කළා......."
"මොනා ගැනද උඹ කියන්න යන්නෙ.........?
"යීබෝ ගැන......"
"යීබෝ ගැන මොනවද........?"
"උඹ දන්නවනෙ චෙන් අපි ශාන් ව හදා ගත්තෙ කොහොමද කියලා.....? ශාන් මුල ඉදන් ම දුර්වල ළමයෙක්........ ඒ නිසා එදා ඉඳල ම කල්පනා කළා ශාන්ගෙ අනාගතේ ගැන.... මොන සැප සම්පත තිබුණත් අපි නැති කාලෙක මේ දරුවට මොකද වෙන්නෙ කියලා මං බය වුණා. ටික ටික වයස යනකොට මගේ ඒ බය වැඩි වුණා........ මොකද ශාන් වයසට වඩා අවුරුදු ගාණක් බාල ගති පෙන්නුම් කරන නිසා.......... ඉතිං...... ඉතිං මං............"
"ඉතිං...... කියපං ෂියාවෝ....... යාළුකම නැතත් උඹ මගෙ රස්සාව විශ්වාස කරපං........."
"ඉතිං මං......... ඒ වෙනුවෙන් යීබෝව පාවිච්චි කළා......... සමාවෙයං චෙන් ......... මං තනිකර ම මගෙ හා පැටියා නිසා ආත්මාර්ථකාමී කමෙන් අන්ධ වුණා........"
"මොකද්ද කියන්නෙ.....? මට තේරෙන්නෑ උඹ කියන දේ........"
"මං යීබෝ ව හොඳ ස්කූල් එකකට දැම්මෙ, කොලේජ් යැවුවෙ, කැම්පස් යැවුවෙ, ස්පෙෂල් එඩියුකේෂන් කරන්න යොමු කරේ ඒ හැමදේම කරේ වන්ග් නිසා නෙවෙයි චෙන්........ ඒ ශාන් නිසා........ මට ඕන වුණා ශාන් ව යීබෝට හේත්තු කරලා වැටෙන්න නොදී තියන්න........ ඒත්....... ඒත් උඹ මතක තියා ගනිං චෙන්........ මං යීබෝට කරපු ආදරේ බොරු නෙවෙයි....... ශාන් නැතත් මං........... මං යීබෝට මේ ටික ම කරයි....... ඒත් මගේ අර වගේ අරමුණක් තිබ්බා........."
أنت تقرأ
MY LITTLE 🐰 (Completed)
أدب الهواةවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕