37 මගෙ දරුවා කෝ

427 81 3
                                    

My Little 🐰 37
Chapter 37

ෂියාවෝ බංගලාවෙන් පිට වී සති තුනක් ගත වන විට ශාන් සිතිනුත්, කයිනුත් බොහෝ සෙයින් දුර්වල ව සිටියේ ය. යෝෂින්ගේ පවුල තුළින් සිදුවන කරදර දරාගත නොහැකි තත්වයක ශාන් සිටියේ ය. ඒ හේතුවෙන් අවසානයේ ඔහුට උණ ගත්තේ ය. එක පිට වේල් දෙකක් ආහාර නොගත් නිසාත්, යෝෂින්ගේ සැමියාගෙන් ලද අතුල් පහර කීපයක් නිසාත්, උණ අමාරුව නිසාත් ශාන් හවස් වරුව ඇඳට ම වී සිටියේ ය. රාත්‍රියේ නිවසේ සියලු දෙනා සාදයකට යාමට නියමිත බැවින් බොහෝ දුරට ශාන්ට රාත්‍රී ආහාරද නොලැබී යනු ඇත.   

➡️⬅️

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

➡️⬅️

යීබෝ කාර්යාලයේ සිට පැමිණ තම කාමරයට වී ෂියාවෝ පාසලේ ලිපිගොනු කිහිපයක් පරික්ෂා කරමින් සිටියේ ය. වෙන් ලේකම් මහතාගේ උපදෙස් මත ෂියාවෝ පාසලේ ඇතැම් වගකීම් යීබෝ විසින් දරනු ලැබුවේ ය. රාත්‍රී හත පමණ වන විට වෙන් මහතා යීබෝට ඇමතුමක් ගත්තේ ය.

"කියන්න ලේකම් සර්........"

"යීබෝ ලොකු සර්ට සිහිය ඇවිත්........."

"මොකක්.......!!! මොකද්ද....? ලොකු සර්........!!!"

"ඔව් ඔව් මනුස්සයෝ....... මං මේ යන ගමං........ වන්ග් එක්ක දැම්ම ම එන්න හොස්පිට්ල් එකට......... වෙන කාටවත් කියන්න එපා......."

වෙන් මහතා දුරකථනය තැබී ය. යීබෝ කර කර සිටි වැඩය එලෙසින් ම ඇඳ මත දමා පහළට දිවුවේ ය. ඔහු මවටත්, පියාටත් කතා කොට රෝහලට යාමට පිටත් විය. ඒ යන අතර ඔහු වෛද්‍ය චෙන්ට ඇමතුමක් ගත්තේ ය.

"ඩොක්ටර්.......!"

" ඔව් යීබෝ......... එයා නැගිට්ටා....... ඔයා හෙමින් එන්න........"

ඔහු නිවී සැනසිල්ලේ කීවේ යීබෝගේ කලබලය හඳුනා ගත් නිසා ය.

"පපා ඉක්මනට යංකෝ....... මට බබා ව එක්ක එන්න යන්න ඕනි........."

MY LITTLE 🐰 (Completed) Donde viven las historias. Descúbrelo ahora