11 බබාට පාළුයි

499 93 4
                                    

My Little 🐰11
Chapter 11

"පපා...... පපා නැගිටින්නකෝ..... පපා දන්නෝද......? මමා නෑ......  එයා ගිහිං....... බබාව දාලා ගිහිං........ බබා ඌවා වෙලා...... මේ බලන්න.... බබාත සිදෙනෝ..... කතුවක් ගාලා.... පපා.... බබා දැං ඔකුයි....... තිත්ත බේත් බොනෝ.... නේද ගගා.......?"

"පපා....... නෑටින්නකෝ......... බබාත පාළුයි....... පපා........"

තමා සෑම මොහාතක ම ඔහු අසල ම සිටිය දී ශාන් පාළු යැයි කියූ කතාවට යීබෝගේ හිත පෑරිණි. එක අතකට ඔහුට දුක් වන්නට දෙයක් නැත. ඔහු ෂියාවෝ ආයතනයෙන් වැටුප් ලබන සේවක යුවලකගේ දරුවෙකි. දැනට ශාන්ගේ උපස්ථායකයා ය. තව ටික දිනකින් ඔහුගේ ගුරුවරයා ය. යීබෝ මෙම කරුණු අපහසුවෙන් තම සිතට ධාරණය කරමින් සිටියේ ය.

ශාන් නිහඬව ම විනාඩි ගණනක් සිය පියාගේ පපුව බදාගෙන සිටියේ ය. විටෙක සිම්බේ ය. විටෙක පපුව ද විටෙක මුහුණ ද අත ගෑවේ ය. තවත් ටික වේලාවක් ඔහු නිසොල්මනේ සිටින විට එතන ම නින්ද යාවි යැයි සිතා යීබෝ ඔහු ව රැගෙන යාමට සිතුවේය.

"පැටියා........ අපි දැං යමු....... නිදි මතයි නේද....?"

ශාන්ගෙන් ප්‍රතිචාරයක් නැත. යීබෝ ශාන් අසලට ළං වී ඒ මුහුණට එබී බැලුවේ ය. ශාන්ට දැනටමත් නින්ද ගොසිනි. අද වෙනදාටත් වඩා ප්‍රමාද වී මෙහි පැමිණි බැවින් ඔහුට වැඩි වේලා නොගොස් ම නින්ද ගියේ ය.

ඔහු ව අවදි කිරීමට නොසිතූ යීබෝ තොප්පිය පළඳවා ඔහු ව වඩා ගත්තේ ය. ඒ මොහො⁣තේ සිදු වූ ශියාවෝ මහතාගේ වෙනස යීබෝ දුටුවේ නැත. 

"ම්.....හ්...... ප..පා..හ්........ම්......."

පුරුදු රස්නය වෙනස් වීමෙන් ශාන් මදක් කෙඳිරි ගෑවේ ය. යීබෝ ශාන්ගේ පිටුපසට යටින් දෑත තබා ඔහුව වඩාගෙන ඒ හිස තම උරහිස මතින් තබා ගත්තේ ය. ඒ උණුසුම හඳුනා ගත් ශාන් නැවතත් යීබෝගේ උරහිස මත ම නින්දට වැටුණි. අප්‍රාණික ව දෙපසින් එල්ලෙන ශාන්ගේ දෑත් දෙපා වේගයෙන් වැනෙන හෙයින් යීබෝ ගමන් කළේ සෙමිනි. යීබෝට ශාන් ව රැගෙන නැවත කාමරයට පැමිණීමට විනාඩි පහළොවක් පමණ ගත විය.

යීබෝ ශාන් ව වඩාගන්නා විට ශියාවෝ මහතාගේ ඇඟිලි මදක් චලනය වූ අතර ඊට මද වේලාවකට පසු ව ඔහුගේ හෘද ස්පන්ධනය ද තරමක් යථා තත්වයට පත් විය.

MY LITTLE 🐰 (Completed) Tahanan ng mga kuwento. Tumuklas ngayon