My Little 🐰 39
Chapter 39යෝෂින්ගේ නිවසෙන් ශාන් පිළිබඳ අනාවරණය කරගත් කරුණු යීබෝ වෛද්‍යවරයා සමග කීවේ ය. ඔහු ශාන් ව පරීක්ෂා කොට, අවශ්‍ය ප්‍රතිකාර ද නියම කොට වී අයි පී කාමරයකට මාරු කර යැවුවේ ය. සේලයින් සැපයුම සමගින් ශාන් රැගත් ට්‍රොලිය කාමරය වෙත යන විට යීබෝ ද ඒ සමගම ගියේ ය. ඒ යන අතර මග යීබෝ්ට ෂියාවෝ මහතාගෙන් ඇමතුමක් ලැබුණේ ය.
"ලොකු සර්.........."
"යීබෝ කොහෙද ඉන්නේ.......... මෙච්චර වෙලා මොනවා කරනවද.........?"
"මේ එන ගමන් ලොකු සර්.......... තව විනාඩි පහකින් ඔතන.........."
යීබෝ ශාන් ව ඔසවා ඇඳෙන් තබා ඔහු ව උණුවතුරින් තෙමූ තුවායකින් පිසදමා රෝහල් ඇඳුමක් ඇන්දෙව්වේ ය. නැවත සේලයින් සැපයුම සම්බන්ධ කිරීමට හෙදියක කැඳවූවේ ය. සියල්ල අවසන් කොට ඔහු ශාන් ළඟට ළං වී ඒ හිස අත ගාමින් කතා කළේ ය.
"මගෙ රත්තරං......... දොයියන්න........ මං පපා ව මීට් වෙලා එන්නං........."
යීබෝ කාමරයෙන් එළියට ගියේ ශාන්ට නින්ද යෑමට බෙහෙත් ලබා දී තිබූ බැවින් ඔහු ඇහැරෙන්නේ නැති බව දන්නා නිසාවෙනි.
ෂියාවෝ මහතා සිටියේ ශාන්ගේ කාමරයට අල්ලපු කාමරයේ ය. යීබෝ දොර ඇරගෙන ඇතුළට ගියේ ය. පැරණි මිතුරන් හතර දෙනාගෙන් වෛද්‍ය චෙන් හැර අනෙක් තිදෙනා ම කාමරයේ සිටියේ ය.
"යීබෝ.......... කෝ බබා..........?"
"ලොකු සර්........ බබාට ටිකක් සනීප නෑ....... ඩොක්ටර් චෙන් එයාව බැලුවා....... එහා රූම් එකේ ඉන්නවා......දැං නිදි........"
"ඇයි.........? මොනවා වෙලා ද.......?"
"එහෙදි එයා හොඳින් නෙවෙයි ඉඳලා තියෙන්නේ............!"
ESTÃS LEYENDO
MY LITTLE đ° (Completed)
Fanficāˇāˇāļģ āļāļĢāļąāļāˇ āļļāļŊāˇ āˇāˇāļ§āˇāļēāļāˇ āļ´āˇāļąāˇāļą āļāˇāˇāļąāˇ āļ¯āˇāļģāļ āˇāˇāļ§āˇāļēāļāˇ āļŊāļļāˇ āļāļąāˇāļąāļ§ āļāˇāļ¸āļ¯āˇāˇāļāˇ āļąāˇāˇāˇāļāˇ āˇāˇāˇāˇāļ¯ āļāļļāˇ āˇāˇāļāˇāļ¸āļąāˇ đđđāļāļāˇđđđ āļ¯āˇāļŊāˇ āļēāļąāˇāļąāļ§ āˇāˇāļāļąāˇāļąāļāˇ āļļāˇāļģāˇ āļąāˇāļāˇāˇ āļāļąāˇāļąāļ§ āļāˇāˇāˇāļ¸āˇāļāˇ āļļāˇāļģāˇ āļ¸āļāˇ āļĸāˇāˇāļą āˇāˇāˇāļē āļāļļāļ¸āļēāˇ āļāļ¯āļģāˇāļēāˇ āļ¸āļ āļ¸āˇ āļāˇāļŠāļāˇ đđđāļļāļļāˇđđđ