My Little 🐰 30
Chapter 30ශාන් හා කාර්යාලය අතර කාර්යබහුල වෙමින් යීබො නැවතත් සතියක පමණ කාලයක් ගත කළේ ය. ඒ අතර ඔහු දෙවතාවක් වෛද්‍ය චෙන් හමුවට ද ගියේ් ය. ශාන්ගේ මානසික මට්ටම සියයට හැත්තෑ පහකටත් වඩා ධනාත්මක ව සංවර්ධනය වී ඇති බව ඔහු නිගමනය කළේ යීබෝගෙන් ලබා ගත් වාර්තා අනුවයි. එහෙත් සීමාව ඉක්මවා ශාන් තමා වෙත ඇලීම අහිතකර බව යීබෝගේ මතය විය. ශාන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සැලකීමේ දී එය එතරම් වැදගත් නොවන බව වෛද්‍යවරයා පැවසී ය.
ශාන්ගේ ප්රගතියේ සියලු ප්‍රශංසා යීබෝ වෙත ම ලබා දීමට චෙන් මැලි නොවී ය. ඇත්තෙන් ම යීබෝ මේ කාලය තුළ කළ කැප කිරීම අකි විශාල ය.
සියලු කරුණු සලකා බැලීමේ දී ශාන්ගේත් යීබෝගේත් හිත්වල කාටත් හොරාම දෙදෙනාට දෙදෙනා කෙරෙහි ම ඇතිවන ආකර්ෂණය පැහැදිලි ව පෙණුනත් චෙන් ඒ බව නොදැණුනා සේ හිතා මතා මගහැර සිටියේ ය. ඔහු එය සුබ ලකුණක් සේ සැලකුවේ ය.
'ඒ ආදරේ තමයි එයා ව වෙනස් කරන්නේ'
වෛද්‍ය චෙන් සිතුවේ ය. ශියාවෝ මහතා සනීප වූ වහා ම මේ ගැන පෞද්ගලික ව ම ඔහු සමග කතා කිරීමට ඔහු මතක තබා ගත්තේ ය.
දිනෙන් දින ගත වී අලුත් හිරු නැගෙන විට යීබෝ සිටියේ බෝම්බයක් බඩේ බැඳගත්තෙකු ලෙසින් ය. තව දින කීපයකින් මැඩම් යෝෂින්ගේ ආගමනයෙන් බෝම්බය පුපුරා යනු ඇත.
"යීබෝ ....... next monday යෝෂින්ලා එනවා. එයාලා කෙලින් ම එන්නේ බංග්ලෝ එකට..... ශාන්වත් අරං අලුත් ඇනෙක්ස් එකට යයි. ඒක එයාලා බලන්න කිවුවෙ ටවුන් එකෙන් පිට. ටිකක් දුරින්....... ඔයා දන්නවනෙ ඒ ඇයි කියලා...........?"
කාර්යාලයේ දී දිනක් වෙන් මහතා යීබෝ සමග කීවේ ය.
"හ්ම්.........."
STAI LEGGENDO
MY LITTLE 🐰 (Completed)
Fanfictionවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕