My Little 🐰 19
Chapter 19"ගගා........ බබා මේකද අඳින්නේ.......? ෂෝයි....... සූ......ඳයි......... මේ........"
ඔහු තම ඇඳුම යීබෝගේ මුහුණට ළං කළේ ය.
"ම්....... සුවඳයි තමයි...... මගෙ පැටියා මලක් වගේ සුවඳයිනෙ....... ඒකයි මේ ඇඳුම්වලත් සුවඳ තියෙන්නේ........"
"ගගා....... බොලු කියන්නෙපා......... ගගා කොලොන් දැම්මා නේද.......? බබා මලක් නෙවෙයි..... මේ කොලොන් සූඳ එන්නෙ....."
ශාන් දෑස් හීන් කරමින් යීබෝට පවසා සිනාසෙමින් ම ඇඳුම් ඇඳ ගත්තේ ය.
යීබෝ ශාන්ගේ හිසකේ වියලන්නට පටන් ගත්තේ ය. ශාන්ට තවම තනිව ම හිස වියලා ගැනීමට නොහැකි ය. ඔහු තනිව ම සිටින විට එයින් නැගෙන ශබ්දයට බිය වේ.
"ම්...... අපි දැං කන්න යමු......"
ශාන්ගේ හිසකෙස් වියලා පීරා ඉවර කළ යීබෝ ශාන් ව තමා දෙසට හරවා හැඩ බලමින් කීවේ ය.
"ගගා බබාගෙ සූඳ බලන්නෑද......?"
ශාන් යීබෝට කොපුල පෑවේ ය. යීබෝ මදක් ළං ව ශාන්ගේ මුහුණේ සුවඳ බැලුවේ ය. ඇත්තෙන් ම ශාන්ගෙන් හමන මෘදු සුවඳට යීබෝ කුඩා කල සිට ම ලෝබ ය. ඒ සුවඳ යීබෝ මේ මොහොතේත් ආසාවෙන් උරා ගත්තේ ය. කුඩා වියේ පටන් නා පිරිසිදු වූ පසු දෙදෙනාගේ සුවඳ බැලීම දෙදෙනාට ම පුරුදු වී තිබූ දෙයකි.
"ම්.......... සුවඳයි....... මලක් වගේ........"
ශාන්ගේ දෑස් දිලිසෙමින් තිබුණි.
"ගගා......."
"ම්......"
"ගගා................"
"ඇයි මගෙ රෝස මල......?"
"ගගා...... බබාත.......බබාත උම්මා එකක් දෙනෝ ද.......?"
"අහ්.........?"
ශාන් මදක් ළං ව කළ ඉල්ලීමට යීබෝගේ දෑස් විසල් විය. ඇත්තෙන් ම ශාන්ගේ මුහුණේ සුවඳ දැණුනු මොහොතේ යීබෝගේ හදවත කීවේ ඒ සිනිදු කොපුල සිප ගන්නා ලෙසයි. කාලයක් තිස්සේ පුරුදු පුහුණු වූ ලෙසින් යීබෝ අසීරුවෙන් වුවත් ඔහුගේ හදවත නවතාගෙන ශාන්ගෙන් ඈත් වුණේ ය. ඒත් දැං..........
ВЫ ЧИТАЕТЕ
MY LITTLE 🐰 (Completed)
Фанфикවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕