My Little 🐰 25
Chapter 25දිනෙන් දින ගත වෙත් ම යීබෝගේ ඉවසීම හමුවේ ශාන්ගේ හිතුවක්කාර මුරණ්ඩු ගති පැවතුම් ක්‍රමයෙන් අඩුවන්නට විය. වෛද්‍යවරයා බලාපොරොත්තු වූ ආකාරයට ශාන් සාමාන්‍ය චර්යා රටාවන් පෙන්වන්නට පටන් ගත් පසු ඔහු කීප වතාවක් ෂියාවෝ මහතා බැලීමට යාමට ද එකඟ විය. වෛද්‍යවරුන් පවසා සිටියේ ෂියාවෝ කීප වරක් ම සුළු සුළු චලන සිදු කර ඇති බවයි. එය කාගේත් සිත්වලට සැනසුම් ගෙනා පුවතක් විය.
ශාන් වෙනුවෙන් ම කැප වෙමින් ශාන් මත්තේ ම හිඳිමින් මසක පමණ කාලයක් ගත වී ගියා කිසිවෙකුටත් දැණුනේ නැත. මේ කාලය තුළ ශාන්ට ඇසෙන සේ කිසිවෙකුත් මැඩම් යෝෂින් පිළිබඳ කතාබහක් කළේ නැත. එයින් ශාන්ට එය අමතක වූවාක් මෙන් විය.
ගෙවුණු මාසය ම ශාන් නින්දට ගියේ යීබෝගේ පපුව උරමින් ය. ඇතැම් දිනවල තම කාමරයේත්, ඇතැම් දිනවල යීබෝගේ කාමරයේත් නිදන්නට ඔහුට ඕනෑ විය. ඒ සෑම දිනක ම ශාන් යීබෝගේ පපුවේ එල්ලී ඒ මුහුණ අතගාමින් ම දෙනෙත් පියා ගන්නේ ය. උදෑසන අවදිවන තුරුත් ඔහු එලෙසින් ම සිටියේ ය. ශාන්ගේ මේ අමුතු පුරුද්ද නිසා යීබෝගේ හිත අමුතුම ආකාරයකින් ශාන් වෙත බැඳුණේ ය. ඔහු ශාන්ගේ දෑස් නිදිමතෙන් පියවන තුරු ම ඒ දෑස් දෙස ම බලා සිටියේ ය. ශාන් ද නිදිමතෙන් පියවන දෑස් ආයාසයෙන් විවර ව තබා ගනිමින් යීබෝගේ දෑස් දෙස බලා සිටියේ ය. ශාන්ට නින්ද යන තුරු ම යීබෝ එක් අතකින් ශාන්ගේ හිස අත ගාමින් අනෙක් අතෙන් හෙමින් පිටුපසට තට්ටු කළේ කුඩා දරුවෙකු නිදි කරවන ආකාරයෙන් ය.
STAI LEGGENDO
MY LITTLE 🐰 (Completed)
Fanfictionවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕