My Little 🐰10
Chapter 10කඳුළු පිරි දෙනෙතින් ශාන් බෙහෙත් පෙති දෙක අතට ගත්තේ චොක්ලට් හා කිරි වීදුරුව දෙස මාරුවෙන් මාරුවට බලමින් ය.
" ගගා මං මේ දෙක කටට දා ගත්තම ඉක්මනට කුක්කු එක පොවනෝද?"
"හ්ම්..... ගගා ඉක්මනට පොවන්නං..."
ශාන් යීබෝගේ අතින් ඇද ළඟට ගෙන බෙහෙත් පෙති දෙක කටට දමාගෙන කට ඇරගෙන ම සිටියේ ය. යීබෝ කිරි වීදුරුව කටට ළං කළෙන් ශාන් එය බීගෙන බීගෙන ගියේ එක අතකින් චොක්ලට් අහුරක් ගන්නා ගමන්ම ය. එක හුස්මට කිරි වීදුරුව ම අවසන් කළ ශාන් චොක්ලට් බෝල අහුර ම කටට දාගෙන යීබෝගේ පපුවට මුව තෙරපවා ගත්තේ ය. වරින් වර එන ඔක්කාරය ඔහු වාවා ගත්තේ එක් අතකින් යීබෝගේ පපුවට පහර දෙන ගමන් ය. යීබෝ ඔහුගේ අතක් ශාන්ගේ හිස පිටුපසින් තබමින් ඔහු තව තවත් තම පපුවට ම තද කර ගත්තේ ය. ඒ කලබලය අස්සේත් යීබෝ ශාන්ගේ හිසකෙස් අතරින් හමන මුදු සුවඳ විඳ ගත්තේ ය. ඔහු කවදත් ඒ සුවඳට ආස ය.
මද වේලාවකින් සෙමෙන් චොක්ලට් හපමින් ශාන් යීබෝගේ බඳ වටා දෑත් දමාගෙන ඒ පපුව මතම හරිබරි ගැසුණේ ය. ශාන් ඇඳේ වාඩි වී සිටියේ කකුල් දෙක පහතට එල්ලාගෙන යි. යීබෝ ශාන්ගේ කකුල් දෙක අතර හිටගෙන ශාන්ගේ හිස සෙමෙන් පිරි මදිමින් සිටියේ ය. ශාන් වරෙක යීබෝගේ පපුවේ නහය අතුල්ලා මුහුණ එක් පසෙකට හරවා ගනී, තවත් විටෙක අනෙක් පසට හරවා ගනී. තම කම්මුල යීබෝගේ පපුවට තෙරපවා ගනී, මුහුණ ඒ පපුව මැද්දට තද කර ගනී. ශාන්ගේ මේ ඇඹරිල්ල යීබෝ දරාගෙන සිටියේ ආයාසයෙනි. මෙසේ ටික වේලාවක් යීබෝ ශාන් ව තම පපුවේ තබාගෙන සිටියේ ය. ශාන් තවමත් චොකොලට් තලු ගසමින් සිටී. යීබෝ ශාන් ව ඇඳ මතින් හාන්සි කිරීමට සූදානම් විය.
" ම්...හ්......... ගගා..... මේම ඉන්නෝනි..... මේම...... මං ආ.....තයි......"
"බබා....... දැං බෙහෙත් බීපු නිසා ඔයා නිදා ගන්න ඕනි........ එතකොට තමයි ඉක්මනට සනීප වෙන්නේ....."
"ම්හ්...... බෑ...... මේම දොයියන්නේ..... මෙතන..."
"අනේ මගෙ පැටියා..... ඔයාට රිදෙයි...... ඔහොම ගොඩක් වෙලා ඉන්න බෑනෙ....... මගෙ හොඳ බබානෙ.... අපි ඇඳෙන් දොයියමු......ම්......."
CITEČTI
MY LITTLE đ° (Completed)
Fanfictionāˇāˇāļģ āļāļĢāļąāļāˇ āļļāļŊāˇ āˇāˇāļ§āˇāļēāļāˇ āļ´āˇāļąāˇāļą āļāˇāˇāļąāˇ āļ¯āˇāļģāļ āˇāˇāļ§āˇāļēāļāˇ āļŊāļļāˇ āļāļąāˇāļąāļ§ āļāˇāļ¸āļ¯āˇāˇāļāˇ āļąāˇāˇāˇāļāˇ āˇāˇāˇāˇāļ¯ āļāļļāˇ āˇāˇāļāˇāļ¸āļąāˇ đđđāļāļāˇđđđ āļ¯āˇāļŊāˇ āļēāļąāˇāļąāļ§ āˇāˇāļāļąāˇāļąāļāˇ āļļāˇāļģāˇ āļąāˇāļāˇāˇ āļāļąāˇāļąāļ§ āļāˇāˇāˇāļ¸āˇāļāˇ āļļāˇāļģāˇ āļ¸āļāˇ āļĸāˇāˇāļą āˇāˇāˇāļē āļāļļāļ¸āļēāˇ āļāļ¯āļģāˇāļēāˇ āļ¸āļ āļ¸āˇ āļāˇāļŠāļāˇ đđđāļļāļļāˇđđđ