My Little 🐰46
Chapter 46සුප් පානයෙන් පැය භාගයකට පමණ පසු ශාන් බඩ පපුව දැවිල්ල හැදී කෑ ගසන්නට විය. යීබෝ වෛද්‍යවරයා අමතා උපදෙස් ලබාගෙන ගැවිස්කෝන් මාත්‍රාවක් ලබා දී ශාන් ව නිදි කරවා ගත්තේ ය. ශාන් නින්දේ දී වත් යීබෝ ව මදකටවත් අතහැරියේ නැත. නින්ද යන මොහොතේත් ඔහු,
'ගගා...... බබා බයයි........ ගගා යන්නෙපා.........'
කියමින් කෙඳිරුවේ ය.
නිවසට ආ මොහොතේ පටන් ශාන් තමාව බැලීමට නොපැමිණීම ගැන ෂියාවෝ යීබෝට දුරකථන ඇමතුමක් දී ඇසුවේ ය. සම්පූර්ණ විස්තරය නොපවසා සිද්ධිය කියූ පසු ඔහු නිහඬ වී දුරකථනය තැබුවේ ය.
මධ්‍යම රාත්‍රියේ නින්දෙන් ඇහැරුණු ශාන් බඩගින්නෙන් කෙඳිරි ගෑවේ ය. යීබෝගේ පපුව අස්සේ කූරු ගාමින් කතා කළේ ය.
"ගගා.......හ්......ගගා........නැගිටින්නකෝ......"
"ම්....... ඇයි මගෙ පැටියා........?"
"බඩගිනියි......"
"ම්..... හරි මැණික...... ඔහොම ඉන්නකෝ.... ගගා මොනවහරි හදාගෙන එන්නං........හොඳේ........."
"ගගා....... බබත් එනෝ......."
"ම්.......... යන්න ඕනද.......? හා එන්න........."
ශාන් යීබෝට දෑත දිගු කළේ වඩා ගන්නා ලෙස අඟවමිනි. යීබෝ ශාන් ව වෙනදා මෙන් පපුවට වඩාගෙන පහළට ගියේ ය. ශාන් ව පැන්ට්‍රිය මතින් හිඳුවා යීබෝ සැන්විච් කීපයක් සාදා කිරි වීදුරු දෙකක් ද සෑදුවේ තමන් ද මේ වන තෙක් රාත්‍රී ආහාර නොගත් නිසාවෙනි. ආහාර ගෙන නිම වී නැවතත් කාමරයට ගියේ ශාන් ව වඩාගෙන ය. ඒ යන අතරමග ශාන් දොඩමළු විය.
YOU ARE READING
MY LITTLE 🐰 (Completed)
Fanfictionවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕