My Little 🐰 18
Chapter 18මේ කාලය තුළ ශියාවෝ මහතා තනිව ම හුස්ම ගැනීමට තරම් සුවය ලබා තිබුණි. එබැවින් ඔහුගේ ස්වසන ආධාරක ඉවත් කෙරිණි. ඔහුගේ හෘද ස්පන්ධනය ද සාමාන්‍ය අතට හැරුණත් වෛද්‍යවරු නිතර ම ඔහුගේ හෘදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානයෙන් සිටියෝ ය. එක් පාදයකට සිදු වී තිබු අස්ථි බිඳීමට ප්‍රතිකාර වශයෙන් ඔහු අවදි වන තුරු එයට ප්ලාස්ටරයක් දැමී ය.
සියල්ල සාමාන්‍ය පරිදි සිදු වීම ඇතැම් විට අසුභ පෙර නිමිත්තක් ද විය හැකි ය.
ශියාවෝ යුවලට අනතුර සිදු වී මාස දෙකක් ඉක්ම යන විට ශාන් නැවතත් සිනහ මුහුණින් , හුරතලයෙන්, දඟකාරකමින් කාලය ගත කරන්නට පටන් ගත්තේ ය. ගෙවුණු දිනවල සියලු දෙනාගේ කැප කිරීමේ හා මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ශාන් ක්‍රමයෙන් ළදරු මනසින් මිදෙමින් සිටියේ ය. එහෙත් බිය වීමට එක් කාරණයක් තිබුණේ ය. එනම් ශාන්ට මදක්වක් හැඬීමට නොහැකි වීමයි. අවමංගල්‍ය දින අධික ලෙස හැඬීමෙන් මනසට සිදු වූ බලපෑම හේතුවෙන් ශාන්ට දැන් හඬන විට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ. එයින් ඔක්සිජන් ක්‍රියාකාරීත්වය අඩාල වී ඔහුගේ සිරුර අප්‍රාණික වේ. එය ඉතා භයානක තත්වයක් දක්වා යාමට ඉඩ ඇති බැවින් වෛද්‍යවරු පවසා සිටියේ හඬන්නට නොදී ශාන් ව රැක බලා ගන්නා ලෙසයි. එය ඔහුගේ මනසේ වර්ධනයත් සමග සාමාන්‍ය තත්වයට පත්වන හෙයින් විශේෂ ප්‍රතිකාරයක් ඒ වෙනුවෙන් සිදු කළේ නැත.
ගත වූ කාලය කුළ ශාන් නිතර නිතර වෛද්‍ය හමු සඳහා රැගෙන ගියේ ඔහුගේ මනස විටින් විට වෙනස් වන හෙයිනි. ඒවෙනුවෙන් වෛද්‍ය චෙන්ගේ තිබුණේ සතුටුදායක ප්‍රතිචාරයකි.
"ඩොක්ටර්...... හිටපු ගමන් ශාන් අර මාස දෙකකට කලිං හිටියා වගේ ම ඉන්නවා........ ඒත් ආයෙත් නින්දෙන් ඇහැරුණා වගේ බේබි ශාන් වෙනවා......"
"ඒක කොච්චර කාලයක් තියනවද යීබෝ.......?"
"නිශ්චිත රටාවක් නෑ ඩොක්ටර්...... එක එක වෙලාවට වෙන වෙනම කාලයන් තමයි එහෙම තියෙන්නේ........ ඒක මං හිතන්නේ ඒ වෙලාවෙ තියන පරිසරය අනුව වෙනස් වෙනවා........"
"හරියට හරි යීබෝ........ ඒක එහෙම තමයි..... ඒක නිසාමයි අපි එයාව හොඳ වටපිටාවක තියන්න ඕන.... ඔන්න බලන්න..... කොල්ලා ඉක්මනට සනීප වෙනවා..........."
YOU ARE READING
MY LITTLE 🐰 (Completed)
Fanfictionවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕