My Little 🐰 32
Chapter 32යීබෝ දෑස් විසල් කරගෙන තම දෙතොල් අත ගා බැලුවේ ය.
"ආයෙ කියවන්න ආවොත් ඔය ලස්සන තොල් දෙක හපල දානවා ගගා..........!"
ශාන් යීබෝට අනතුරු අඟවා දෑස් පියා ගත්තේ ය.
ශාන් කවමදාකවත් දොයියනවා ඇර නිදාගන්නවා යන වචනය පාවිච්චි කර නැත. ඒත මේ මොහොතේ නිදාගන්නවා යන වචනය පාවිච්චි කිරීම යීබෝට පුදුම ය. එසේම ඔහු කළ අනපේක්ෂිත සිප ගැනීම..........
'දෙවියනේ මේ කොල්ලා දැනගෙන ද මේවා කරන්නෙ......? මට නං උදේ වෙද්දි පිස්සු හැදිලා තියෙයි....... ආයිෂ්.............. ඒ තොල් දෙක සීතලයි....... අනේ තව චුට්ටක්.............'
'යීබෝ මෝඩයා.......... මොනාද මේ හිතන්නේ........? ආ....හ්....... අයියෝ............. හාට් එක ගැලවිලා එළියට පනින්න හදනවද මන්දා.......? '
දරාගත නොහැකි වේගයකින් ගැහෙන හදවත මතුපිටින් අත ගා ගන්නටවත් නොහැකි ව යීබෝ ලතැවුණේ ය.
"ගගා..........හ්........"
"අහ්......... ආ........... ඔව් බබා.............. ම්...... මේ.........?"
"මේ මේ නෙවෙයි........... මෙන්න මෙයාට නටන්නැතුව ඉන්න කියන්න......... බබාට දෝ යන්නෑ මෙයාගෙ සද්දෙට..........."
ශාන් යීබෝගේ හදවත ඇති තැනට ඇඟිල්ලෙන් අනිමින් කියා හොරෙක් මෙන් සිනාසුණේ ය.
"ආහ්.........."
යීබෝ කර කියාගත හැකි දෙයක් නොමැති ව අසරණ වූවෙකු මෙන් හඬක් නැගුවේ ය.
'ආයිෂ් යීබෝ........... වළක් කපාගෙන වැළලියන්........... මොන ලැජ්ජාවක් ද මේ.......? අයියෝ මේ පොඩි එකා............ තොත්ත බබා වගේ ඉඳලා මේකා ඇම්ඩෙක් වෙලානෙ........... ආහ් දෙවියනේ...........!!! මේ හාට් එක නං......... වෙලා තියන ලැජ්ජාව මදිද යකෝ........? දැං ඇති............ නැවතියං..........'
YOU ARE READING
MY LITTLE 🐰 (Completed)
Fanfictionවසර ගණනක් බලා සිටියත් පෙනෙන ඇහෙනා දුරක සිටියත් ලබා ගන්නට කවමදාවත් නොහැකි වේවිද ඔබේ හැඟුමන් 💕💕💕ගගා💕💕💕 දාලා යන්නට හිතන්නත් බැරි නැතුව ඉන්නට කොහොමවත් බැරි මගේ ජීවන සවිය ඔබමයි ආදරෙයි මං මහ ගොඩක් 💕💕💕බබා💕💕💕