nine

1.2K 301 49
                                    

ටේහ්‍යොන්ග් එහෙමම ඉදගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියා... ජන්කුක් බිම ඉදගෙන ටේහ්‍යොන්ග් දිහා බලාගෙන හිටියා... ජන්කුක්ගේ මුලු මූණම රතුම රතු වෙලා තිබුනා... ජන්කුක්ගේ nose tip එක තද රෝසපාට වෙලා තිබුනා... ටේහ්‍යොන්ග් යටිතොල හපාගෙන හිමින් ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ව නැගිට්ටවන්න හැදුවත් ජන්කුක් ඉක්මනට නැගිටලා හිට ගත්තා... ජන්කුක් පුටුවෙන් ආයේ ඉදගත්තා... ටේහ්‍යොන්ග් එතන හිටගෙන කියන්නේ මොනවද කියලා කල්පනා කරා... ඒ තරම් දේවල් ටේහ්‍යොන්ග්ට කියන්න තිබුනා...

"ජන්කුක්" ටේහ්‍යොන්ග් කතා කරත්, ජන්කුක් බිම බලාගෙන හිටියා... "මම දන්නවා ඒක එක පාර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි, ඒත්-ඒත් මට එක අවස්තාවක් දෙන්න ජන්කුක්, මට ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා"

"මම දන්නවා ඒක ලේසි නෑ, ඒත් මට කියන්න තියෙන දේවල් ඔයා අහන්නම ඕන" ජන්කුක් මුකුත්ම කිව්වේ නෑ... කියන්න දෙයක් ජන්කුක්ට තිබුනේ නෑ... ටේහ්‍යොන්ග්ට ඇහුම්කන් දෙන්න ජන්කුක් කොහොමටවත් ලෑස්ති නෑ... ඒක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි,

"Petal ප්ලීස්, එකම එක පාරක්, මම ඕනම-" ටේහ්‍යොන්ග් සම්පූර්ණ කරන්න කලින් ජන්කුක්ගේ ෆෝන් එක රින්ග් වුනා... ජන්කුක් කෝල් කරපු කෙනාට හිතින් තෑන්ක් කරන ගමන් නැගිටලා සෝෆා එක උඩ තිබ්බ ෆෝන් එක ගත්තා...

"හ්-හ්‍යොන්ග්" ජන්කුක් මිරර් එක පැත්තට හැරිලා කදුලු පිහිද ගත්තා... "‍රෙස්ට් රූම් එකේ හ්‍යොන්ග් දැන් එනවා" ජන්කුක් කෝල් එක කට් කරලා, dressing tablet එක උඩ තිබ්බ බඩු වලින් මේකප් එක touchup කරගෙන මිරර් එකෙන් ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ටේහ්‍යොන්ග් එක එල්ලේ බලාගෙන ඉන්නවා දැකලා ජන්කුක් ඉක්මනට බිම බලා ගත්තා...

"ජන්කුක්" ටේහ්‍යොන්ග් දොර ලග හිටගත්තා... ජන්කුක් එලියට යන්න ගිහින් නැවතුනා... " Excuse Mr.kim" ජන්කුක් ඇස් හීනී කරලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ටේහ්‍යොන්ග්ට හිනා ගියා... ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා ඔරවලා බලලා, තිබුන පොඩි ඉඩෙන් දොරෙන් එලියට ගියා... ටේහ්‍යොන්ග් එහෙමම ඉදගෙන හිනාවුනා... "ෆකින් කියුට්"




what happen to the NERDY ||vkook||Место, где живут истории. Откройте их для себя