ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ගෙදරින් එදා රෑ ඇවිත් සති දෙකක් ගත වෙලා තිබුනා... ඒ කාලේ ඇතුලත ජන්කුක් යුන්ගිගේ උදව්වෙන් හොයාගෙන ගත්ත අලුත් Apartment එකේ පදිංචියට ගියා...
මේ සති දෙකම ජන්කුක් වැඩ වලින් පොඩි බ්‍රේක් එකක් අරගෙන ගෙදරට වෙලා හිටියා... ඇත්තටම ජන්කුක්ට නිදහසේ දේවල් ගැන හිතන්න ඕන වුනා... ඒක නිසාමයි යුන්ගිගේ ගෙදරින් ඇවිත් ජන්කුක් අලුත් ගෙදර අරගෙන පදිංචියට ආවේ...
මේ සති දෙකම ටේහ්‍යොන්ග්ව මතක් නොවුන එක මොහොතක් ජන්කුක්ට තිබුනේ නෑ... ජන්කුක් කොච්චර අමතක කරලා ඉන්න හැදුවත් ටේහ්‍යොන්ග්ගේ අත් වල උණුසුම මතක් වෙනකොට ටේහ්‍යොන්ග් ලගට දුවලා යන්න ජන්කුක්ගේ හිත කෑගැහුවා...
ෆ්‍රාන්ස් ඉන්න කාලේ ටේහ්‍යොන්ග්ව දැක්කෙවත් නැති නිසා ජන්කුක් ටේහ්‍යොන්ග්ව අමතක කරලා, වැඩ වලට ෆෝකස් කරා... ඒත් දැන්... එදා රැයෙන් පස්සේ ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව තව තවත් ඕන වුනා... ඒත් ආයේ ටේහ්‍යොන්ග් ලගට යන්න කලින් ජන්කුක්ට ඔලුව හදාගන්න ඕන වුනා... මොකද ජන්කුක්ට ඕන sex partner කෙනෙක් නෙමෙයි...
ටේහ්‍යොන්ග්ව සම්පූර්ණ විස්වාස කරන්න ජන්කුක් තාමත් බය වුනා... ඒත් ටේහ්‍යොන්ග්ට අවස්තාවක් දෙන්න පොරොන්දු වුනා... ජන්කුක් පොරොන්දු කඩන කෙනෙක් නෙමෙයි, ඒක නිසා ජන්කුක්ගේ ඔලුව අවුල් වෙලා තිබුනා...
ටේහ්‍යොන්ගේ හැම කෝල් එකක්ම, මිස් කරන ගමන් මේ සති දෙක පුරාම ටේහ්‍යොන්ග් එව්ව මැසේජ් ජන්කුක් ආයේ ආයේ කියෙව්වා... සමහර මැසේජ් වලට කදුලු පාලනය කරගන්න ජන්කුක්ට බැරිවුනා... ටේහ්‍යොන්ග්ව මේ තරම් අසරණ කරන්න ජන්කුක්ට ඕන නෑ... අනික දැන් දෙන්නම යුනිවර්සිටි යන පොඩි ලමයි නෙමෙයි... ඒත් තාමත්...
ලිවින් රූම් එකේ බැල්කනි ඩෝ එක ලග බිම ඉදගෙන ජන්කුක් හද දිහා බලාගෙන හිටියා... ජන්කුක් ඉස්සර ඉදන්ම හද දිහා බලාගෙන ඉන්න ආස වුනා... එතකොට ජන්කුක්ගේ පාලු ජීවිතේට තනියක් දැනෙන්නේ නෑ...
ෆෝන් එක රින්ග් වුනාම ලොකු කල්පනාවක හිටිය ජන්කුක් ගැස්සුනා... හැමදේටම බයවෙලා ගැස්සෙන ජන්කුක් තාමත් ඉන්නවා...
ESTÁS LEYENDO
what happen to the NERDY ||vkook||
Fanfic[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"