eleven

1.4K 304 66
                                    

වෙලාව පාන්දර 3.3.30  විතර වෙලා තිබුනා... ජන්කුක්ගේ මුලු රූම් එකම තද අදුරක තිබ්බා... ජන්කුක්ගේ ලොකු බෝල ඇස් බාගෙට පිය වීගෙන ආවත්, ජන්කුක් ඇස් පිල්ලම් ගහලා ඇස් ඇරියා... ජන්කුක්ට නිදාගන්න ඕන වුනේ නෑ... ජන්කුක්ට දෙයක් ගැන ගැඹුරෙන් හිතන්න තිබුනා... දවස් තුනක් තිස්සේ ජන්කුක් නිදාගන්නේ නැතුව, රූම් එකෙන් එලියට අඩියක්වත් තියන්නේ නැතුව ඇදට වෙලා හොදට කල්පනා කරා...

අයිස්ක්‍රීම් කප්, වයින් බෝතල්, එක එක ජාතියේ ස්නැක්ස් පැකට්ස්, පොප් කෝන් බෝල්, බීම බෝතල්, ජූස් ටින්, බියර් කෑන් ජන්කුක්ගේ රූම් එකේ හැමතැනම විසි කරලා දාලා තිබුනා... ඩ්‍රසින් ටේබල් එක උඩ පාට පාට rose flower bouquets තිබුනා... ටේහ්‍යොන්ග් ගෙන් ලැබුන ඒවා...

ජන්කුක් ඇත්තටම මානසිකව වැටිලා හිටියා... ඒක නිසා ජන්කුක් ජිමින්ට කියලා කෑම ලිස්ට් එකක් ගෙන්නගෙන රූම් එකේ ඉදගෙන කන ගමන් කල්පනා කරා... ජිමින්, යුන්ගි ජන්කුක්ට ඩිස්ටර්බ් කරන්න හිතුවෙවත් නෑ... ජන්කුක්ගේ ඩෙවිල් සයිඩ් එක දන්න නිසා...

ජන්කුක් පෙනුම මානසිකව වැටින මනුස්සයෙක්ගේ වගේ පේන්න තිබුනා... ඇස් වටේ කලුවෙලා, ඇස් ගිලිල වගේ තිබුනා... හම සුදුමැලි වෙලා තිබුනා... රෝස පාට තොල් වේලිලා පැලිලා තිබුනා... ජිමින් ජන්කුක්ව මේ වෙලාවේ දැක්ක නම් ජිමින් අනිවාරෙන් හිනාවෙලා මැරෙනවා... ඒ තරම් ජන්කුක්ගේ පෙනුම විහිලු සහගතයි... මොන තරම් මානසිකව වැටිලා හිටියත්, ජන්කුක් පැයෙන් පැයෙන් මොනවාහරි ස්නැක් එකක් කාලා, බීම එකක් බිව්වා...

බියර් කෑන් එක බිමට විසි කරලා, ජන්කුක් නැගිටලා ඇදේ ඉදගත්තා... "ෆක්ක්ක්!" ජන්කුක් කකුල් දෙක ගැසුවා... "අහ්හ්හ් මට තේරෙන්නේ නෑ" ජන්කුක්ගේ කොණ්ඩේ අතරින් ඇගිලි යවලා, වැලමිට තයිට්ස් උඩින් තිබ්බා... "ජිමින්" ජන්කුක් ෆෝන් එක හොයලා ජිමින්ට කෝල් එකක් ගත්තා...

ජිමින් ජන්කුක්ගේ රූම් දෙකකට එහා රූම් එකේ යුන්ගිගේ පපුවට තුරුලු වෙලා හොද නින්දක හිටියා... ෆෝන් එක රින්ග් වෙනවා ඇහිලා ජිමින් කෙදිරිගෑවා... "අහ්හ්" ජිමින් අත දිග ඇරලා ෆෝන් එක හෙව්වා... ෆෝන් එක අහු වුනේ නැති නිසා නැගිටලා ටේබල් ලෑම්ප් එක ඔන් කරා... ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අරගෙන ජිමින් කනේ තියාගත්තා... "ම්ම්ම්"

what happen to the NERDY ||vkook||Tempat cerita menjadi hidup. Temukan sekarang