twelve

1.3K 297 33
                                    

Espresso nine cafe එක alley එකට යන පාරේ තවමත් ඒ විදියටම තිබුනා... ජන්කුක් ග්ලාස් එකෙන් කැෆේ එක දිහා බලාගෙන හිනාවුනා... කාලයක් ජන්කුක් ඕන හැමදේම කර ගත්තේ ජින් හ්‍යොන්ග් අනිත් employees ලට වඩා වැඩියෙන් ජන්කුක්ට ගෙව්ව නිසා... Exam කාලෙට ජන්කුක්ට වේලාසන ගෙදර යන්න දුන්නා... ජන්කුක්ට ඕන පොත් බලෙන්ම ගෙනත් දුන්නා... ජන්කුක් කැෆේ එකේ වැඩ කරන්න ගත්ත දවසේ ඉදන් ෆ්‍රාන්ස් යනකන්ම ජන්කුක්ගේ එක බර්ත්ඩේ එකක්වත් ජින් හ්‍යොන්ග් අමතක කරේ නෑ...

ජන්කුක්ගේ ජින් හ්‍යොන්ග්~

තවමත් ඉස්සර තරම්ම හැන්ඩ්සම් ජින්ව දැකලා, ජන්කුක්ගේ හිතම අමුතු සතුටකින් පිරිලා ගියා... ජන්කුක්ගේ අතේ dark pink hydrangea මල් පොකුරක් තිබුනා... ජන්කුක් CK brand එකෙන් ඇදලා හිටියා... ජන්කුක්ගේ ලුක් එක expensive...

ජන්කුක් මල් පොකුර අරගෙන ග්ලාස් ඩෝ එක ඇරගෙන ඇතුලට ගියා... ජින් හ්‍යොන්ග් කැශියර් එකේ හිටගෙන හිටියා... ඩෝ එක ඇරෙනකොට වැදෙන බෙල් එක ඇහිලා ජින් ඔලුව ඉස්සුවා... ජින්ගේ ඇස් දෙක පුදුමෙන් ලොකු වුනා... ජින්ව දැකලා ජන්කුකට හිනා ගියා...

"ඔහ් මයි ගෝඩ්!! ම්හ් මයි ගෝඩ්!! ඔහ් මයි ගෝඩ්!!" ජින් මහා හයියෙන් කෑගහගෙන ඔලුව අල්ලගෙන කැශියර් එකෙන් එලියට දුවගෙන ආවා... ජන්කුක් හිනාවෙලා එතනම හිටගෙන හිටියා... ජින්ගේ කෑගැහිල්ලට මේ වෙලාවේ කැෆේ එකේ හිටිය කස්ටමර්ලා තුන්, හතර දෙනයි, වැඩ කරන අයයි, බයවෙලා ජින් දිහා බැලුවා... කවුරුහරි මැරුණා වගේ ජින් කෑගැහුවා...

"ඔහ් මයි ගෝඩ් ජන්කුකී" ජන්කුක් අත්දෙක ඈත් කරාම ජින් ජන්කුක්ගේ බෙල්ලේ එල්ලුනා... "ජින් හ්‍යොන්ග්" ජන්කුක් එක අතක් ජින්ගේ ඉන වටේ ඔතාගත්තා.... "මයි බේබි" ජින් ජන්කුක්ගේ කම්මුල අතගෑවා... "ඔයා වෙනස් වෙලා, ෆොටෝ වලට වඩා ඔයා හැන්ඩ්සම්" ජන්කුක් හිනාවුනා... "තෑන්ක්ස් හ්‍යොන්ග්"

"හැබැයි මට වඩා හැන්ඩ්සම් වෙන්න හිතන්නවත් බෑ බේබි" ජින් ඇස් රෝල් කරා... ජන්කුක් හිනාවෙලා බලාගෙන හිටියා...

"හොදින් හිටියද ජන්කුකී" ජන්කුක් හිනාවෙලා ඔලුව වැනුවා... "හ්‍යොන්ග් හොදින්ද?" ජින් ඔලුව වැනුවා... "මම මැරි කරා, මෝඩ මනුස්සයෙක්ව" ජින් පපුව ඉස්සරහින් අත් බැදගෙන ඇස් පිල්ලම් ගැහුවා... ජන්කුක් හයියෙන් හිනාවුනා... "ඔයා ෆ්‍රී වෙලාවක මගේ ගෙදරට එන්න ඩිනර් එකකට"

what happen to the NERDY ||vkook||Onde histórias criam vida. Descubra agora