"මම ප්රශ්නයක් අහන්නද?"
"අහන්න ටේහ්යොන්ග්"
"ඔයා මාව විස්වාස කරනවද?"
"ටේහ්යොන්ග්"
"මම ප්රශ්නයක් ඇහුවා "
"ඔව් ටේහ්යොන්ග් ඔව්, හැමදේටම වඩා
හැම කෙනෙක්ටම වඩා මම ඔයාව
ගොඩක් විස්වාස කරනවා""අන්තිම මොහොත වෙනකන්,
මොන දේවල් වුනත්""ඇයි එහෙම අහන්නේ ටේහ්යොන්ග්
මට හේතුවක් කියන්න"ටේහ්යොන්ග්ගේ ඇගට යටින් ඇලවෙලා හිටිය ජන්කුක් අතීතය මතක් වෙලා තනියෙන් හිනාවුනා... ඔහ් ඒ කාලේ ටේහ්යොන්ග් මොන තරම් බොරු කිව්වද? පොඩිමවත් සැකයක් හිතෙන්නේ නැති විදියට... නෑ ජන්කුක් ඒවා නොතේරෙන තරම් තදින් ටේහ්යොන්ග්ට බැදිලා හිටියා... ටේහ්යොන්ග් මොන දේවල් කිව්වත් තදින්ම විස්වාස කරන්න ඒ කාලේ ජන්කුක් පුරුදු වෙලා හිටියා...
සමහර වෙලාවට ජන්කුක් තනියෙන් හිතුවා, එක පාරටම ආව කෙනෙක් කොහොමද තමන්ට මේ වගේ හොදින්, ආදරෙන් සලකන්නේ කියලා, ටේහ්යොන්ග් ගැන සැකෙන් හිතන්න මොලේ පොළඹවන හැම වෙලාවෙම ජන්කුක්ගේ මෝඩ හිත ජන්කුක්ව වෙනස් කරා... ඇත්තටම ටේහ්යොන්ග් ජන්කුක්ව රැවැට්ටුවේ නෑ... ජන්කුක්ව රැවැට්ටුවේ තමන්ගෙන හිත, ඒක ජන්කුක් දැන් පිලි ගන්නවා,
ටේහ්යොන්ග් තද නින්දක හිටියා... ටේහ්යොන්ග් රස්නේ හුස්ම ජන්කුක්ගේ බෙල්ලට හොදට දැනුනා... ජන්කුක් ටේහ්යොන්ග්ගේ මූණ දිහා බැලුවා... අවුරුදු ගානකට පස්සේ ටේහ්යොන්ග්ට මේ තරම් ලංවෙලා ඉන්නකොට ඈත් කරලා දාන්න ජන්කුක්ගේ මෝඩ හිත ආයේ ඉඩ දුන්නේ නෑ... හොදයි, ඊයේ රෑ ටේහ්යොන්ග්ව ගෙදර ඇතුලට ගත්ත වෙලාවේ ඉදන්, ටේහ්යොන්ග්ට තමන්ව කිස් කරන්න ඉඩ දුන්න වෙලාවේ ඉදන් ආයේ හැරෙන්න ජන්කුක් ලෑස්තිද? ඒකට උත්තරේ හොයන්න ජන්කුක්ට ටිකක් කල් ගත වෙයි,

YOU ARE READING
what happen to the NERDY ||vkook||
Fanfiction[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"