ජන්කුක් වොශ් කරගෙන සැහැල්ලු කලිසමයි, සුදුපාට ටීශර්ට් එකයි ඇදගෙන කිචන් එකට ආවා... වෙලාව රෑ 12ට ලංවෙලා තිබුනා... ජන්කුක් තෙත බේරෙන කොණ්ඩේ පිටිපස්සට කරලා ඇගිලි වලින් පීරුවා... කොෆී මැශින් එක ලගට ගිහින් මග් එක තියලා, Double espresso capsule එකක් දාලා, ඔන් කරලා ෆිල්ටර් වෙනකන් බලාගෙන හිටියා...
කවුරුත් ගෙදර හිටියේ නැති නිසා, ලොකු නිහඩතාවයක් ගෙදර ඇතුලේ තිබුනා... හීනී පොද වැස්සෙන් වැටෙන වතුර බිංදු වින්ඩෝ ග්ලාස් එකට සද්දෙන් වැටිලා ග්ලාස් එක දිගේ බේරිලා ගියා... ජන්කුක් ඉස්සර ආස වහින වෙලාවට කොෆී එකක් බොන ගමන් ආසම පොතක් කියවන එක, දැන් ගෙවෙන බිසී ලයිෆ් එක නිසා ජන්කුක්ට පොත් ගොඩක් මග ඇරිලා තිබුනා... ජන්කුක් ආසම දේවල් කොෆී, වැස්ස, පොත්, කිම් ටේහ්‍යොන්ග්~
කොෆී එක ෆිල්ටර් වෙලා ඉවර වුනාම ජන්කුක් ග්ලාස් එක අරගෙන ලිවින් රූම් එකට ගියා... TV රූම් එක එක්කම තිබුන යුන්ගිගේ ලයිබ්‍රි එකට ගිහින් ජන්කුක් පොත් රාක්ක අතර ඇවිද්දා... යුන්ගි ලග ජන්කුක්ට හරියන පොතක් තියෙයිද කියලා විස්වාස නැති වුනත් ජන්කුක් නිකමට බලාගෙන ගියා... එක රාක්කෙක යුන්ගි වගේ කෙනෙක් ලග තියෙයි කියලා හිතන්න බැරි පොතක් දැකලා ජන්කුක්ගේ ඇස් ලොකු වුනා... ජන්කුක් පොත ඇදලා ගත්තා... Girl with a pearl earring written by Tracy Chevalier
"හ්ම්ම්" ජන්කුක් බර හුස්මක් පහත දාලා, පොත අරගෙන ගිහින් කවුච් එකෙන් වාඩිවුනා... කොෆී එකෙන් උගුරක් බීලා ජන්කුක් ඇස් වහලා ඇරියා... "අහ්හ්" ඇත්තටම ජන්කුක්ට අද වුන දේවල් එක්ක double espresso එකක් මේ වගේ වෙලාවක ඕනම වුනා... ජන්කුක්ගේ ජීවිතේ ඇත්තටම ලේසි නෑ... ඉස්සර සල්ලි නැති නිසා ඒත් දැන් හැමදේම තිබිලත් කිසිම දෙයක් හිතන විදියට වෙන්නේ නැති වුනාම ජන්කුක්ට ලොකු මහන්සියක් දැනුනා...
කොච්චර හිතුවත් ඇයි තවමත් ජන්කුක් ටේහ්‍යොන්ග්ට අවස්තාවක් දෙන්න මේ තරම් බය? ආයේ වතාවක් මානසිකව වැටෙන්න ජන්කුක් ගොඩක් බයවුනා... ඒක හිතන තරම් ලේසි නෑ... දැන් ටේහ්‍යොන්ග්ගේ ඇස් වල කිසිම විදියකින් බොරුව පේන්න තිබුනේ නෑ... පස්සෙ ජන්කුක් තේරුම් ගත්තා, ඉස්සර නිතරම ටේහ්‍යොන්ග්ගේ ඇස් ගැස්සුනේ ඇයි කියලා... ඒත් දැන් ටේහ්‍යොන්ග්ගේ ඇස් හරිම පැහැදිලියි... ඒත් එක පාරක් රැවටුන මනුස්සයෙක් ඊලගට කෙනෙක් දිහා බලන්නේ වුනත් සැකෙන්, ජන්කුක්ට ඒකට වැරැද්දක් කියන්න පුලුවන්ද?
VOUS LISEZ
what happen to the NERDY ||vkook||
Fanfiction[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"