"ටේහ්යොන්ගී" ජන්කුක් දොර ලග ඉදගෙන හිමින් කතා කරා... ටේහ්යොන්ග් ඉස්සරහට තියන්න ගිය අඩිය ආයේ පස්සට අරගෙන එකපාරටම හැරුනා... ජන්කුක් දුවගෙන ඇවිත් ටේහ්යොන්ග්ගේ බෙල්ලේ එල්ලුනා...
"ඔයා ඇවිත්" ජන්කුක් මූණ ටේහ්යොන්ග්ගේ බෙල්ල අස්සේ හංග ගත්තා... ටේහ්යොන්ග්ට එකපාරටම වුන දේ හිතාගන්න බැරි වුනත්, ටේහ්යොන්ග් ජන්කුක්ව තද කරලා, පපුවට තුරුලු කර ගත්තා... "ඔයා ඇවිත් ටේහ්යොන්ගී" ජන්කුක් ඇස් තද කරලා වහගෙන ටේහ්යොන්ග්ගේ manly scent එක නහයට ඇදලා ගත්තා... "මම හැමදාම හිටියා ජන්කුකී" ටේහ්යොන්ග් ජන්කුක්ගේ පිට අතගෑවා...
යුන්ගි ඉස්සරහට යන්න ගියාම ජිමින් යුන්ගිගේ අත තදින් අල්ල ගත්තා... "අත අරින්න"
"මතකද ඩොක්ටර් කිව්වා, සමහරවිට ටේහ්යොන්ග් නිසා ජන්කුක් හොදටම හොද වෙයි කියලා" ජිමින් යුන්ගි දිහා තියුණු ඇස් වලින් බැලුවා... "ජන්කුක්ට මේක වුනෙත් ටේහ්යොන්ග් නිසාමයි කියලා ඔයාට කොහොමද අමතක වුනේ" යුන්ගි ටිකක් තදින් කිව්වා...
"සමහර වෙලාවට, අහ්හ් නෑ, මේක මෙහෙම වෙන්න දෙන්න හබී" ජිමින් හැරිලා යුන්ගිගේ කම්මුල් දෙපැත්තෙන් ඇල්ලුවා... "පේන්නේ නැද්ද දෙන්නම දෙපැත්තට වෙලා විදින දුක, වුන දේවල් වෙලා ඉවරයි හබී, හේතුව මොකක් වුනත්, දැන් හැමදේම ඉවරයි, ප්ලීස් මේ වතාවේ විතරක්" යුන්ගි ජිමින්ගේ අත උඩින් අත තිබ්බා... "ඔයාට කොහොමද අමතක වුනේ, ඔයාගේ හොදම යාලුවා Asylum එකේ ඇදක් උඩ විදපු දුක ලව්, ඒ කවුරු නිසාද?" ජිමින් යටිතොල හැපුවා... "මම කිව්වා දේවල් වෙලා ඉවරයි හබී, ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඒ විදියට වෙන්න දෙන්න ප්ලීස්"
ජිමින් ඔලුව හරවලා බැලුවා... "බලන්න හබී" ජිමින් ඔලුවෙන් පෙන්නුවා... ජන්කුක් ටේහ්යොන්ග්ගේ පපුවට ගුලි වෙලා හිටියා... ටේහ්යොන්ග්ගේ ලොකු අත් ජන්කුක් වටා හරිම පරිස්සමට එතිලා තිබුනා... ජන්කුක් හිමින් මොනවාහරි කිව්වම ටේහ්යොන්ග් ජන්කුක්ගේ කනට රහසින් කතා කරා... ජන්කුක් ඒකට හිනාවෙනවා යුන්ගි දැක්කා... "ජන්කුක්ට ටේහ්යොන්ග්ව ඕන" යුන්ගි බර හුස්මක් පහත දාලා ජිමින්ගේ උරහිසෙන් ඔලුව තිබ්බා... "මම දන්නේ නෑ" යුන්ගි කිව්වම ජිමින් යුන්ගිගේ ඔලුව අතගෑවා... "මේ වතාවේ මොනවාහරි වුනොත්, ඔයාටත් මගෙන් සමාවක් නෑ ලව්" යුන්ගි කිව්වම ජිමින් යුන්ගිගේ කම්මුල කිස් කරා...

ESTÁS LEYENDO
what happen to the NERDY ||vkook||
Fanfiction[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"