twenty one

1.3K 232 33
                                    

Flashback (8 years ago)


"ඔහ් කමෝන් බේබි" ටේහ්‍යොන්ග් හොට් චොකලට් මග් එක බිමින් තියලා, තමන්ගේ ලොකු හුඩි එකක් ඇදගෙන ඉන්න ජන්කුක්ගේ අතින් ඇද්දා... ජන්කුක් තොල් උල් කරගෙන බෑ කියලා ඔලුව වැනුවා... "බය වෙන්න එපා මම ඉන්නවා"

"ඒ වුනාට මම උඩ නගින්න බයයි ටේහ්‍යොන්ග්" ටේහ්‍යොන්ග් නැවිලා ජන්කුක්ගේ නහයට නහය ගෑව්වා... ජන්කුක්ගේ ඇග දිගේ හිරියක් ගලාගෙන ගියා... "ඔයා ආසයි අහස දිහා බලාගෙන ඉන්න" හිමින් ජන්කුක්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ලිප් කිස් කරා... ජන්කුක් ඇස් වහාගත්තා... "මාව විස්වාසද?" ජන්කුක්ට හීනෙන් වගේ ඇහුනා... ජන්කුක් ඔලුව වනලා, ඔව් කිව්වම ටේහ්‍යොන්ග් ජන්කුක්ව හිමින් නැගිට්ටෙව්වා... "ඔහොම ඇස් වගෙනම ඉන්න petal" ඔහ් ගෝඩ් ටේහ්‍යොන්ග්ගේ ගොරෝසු කටහඩ, ජන්කුක්ගේ ඇගේ හිරිගඩු පිපුනා... ජන්කුක් තොල හපාගෙන ටේහ්‍යොන්ග්ගේ අත තදින් අල්ල ගත්තා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ව පරිස්සමෙන් අල්ලගෙන උඩට ගිහින් බැල්කනි එකට ගියා... එලියට ගියාම දැනුන සීතලට ජන්කුක් තවත් තදින් තොල හපා ගත්තා... "දැන් හිමින් අඩිය තියන්න කූ" ටේහ්‍යොන්ග්ගේ tiny house එකේ බැල්කනි එකේ උඩට යන්න තව පොඩි පඩිපෙලක් තිබුනා... ටේහ්‍යොන්ග් ඒක දිගේ ජන්කුක්ව පරිස්සමෙන් එක්කගෙන rooftop එකට ගියා...

"ඇස් අරින්න" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිටිපස්සෙන් හිටගත්තා... ජන්කුක් හිමින් ඇස් ඇරියා... "ඔහ්" ජන්කුක් වටපිට බැලුවා... මුලු පලාතම අදුරක තිබුනා... "එන්න" ටේහ්‍යොන්ග් ජන්කුක්ව එක්කගෙන කොනටම ගියා... ජන්කුක්ට බය හිතුනා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත තදින් මිරිකුවා... "බය වෙන්න එපා" ටේහ්‍යොන්ග් කොනේම බිම ඉදගෙන කකුල් පහලට දැම්මා... "ටේහ්‍යොන්ග්!!" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ උරහිසෙන් අල්ලගෙන කෑගැහුවා... ටේහ්‍යොන්ග් හයියෙන් හිනාවුනා... "මම මේක හැමදේම කරනවා කූ, එන්න" ටේහ්‍යොන්ග් අත දික් කරා...

ජන්කුක් තොල හපාගෙන වේගෙන් ඇස් පිල්ලම් ගහලා, ටේහ්‍යොන්ග්ගේ අත අල්ලගෙන හිමින් ඉදගත්තා... "ඔහ්හ්"

"මම ඔයාව අල්ලගෙන ඉන්නේ කූ, කකුල් පහලට දාන්න"

"ඔහ් මයි ගෝඩ්" ටේහ්‍යොන්ග් හයියෙන් හිනාවෙලා ජන්කුක්ව තදින් අල්ලගත්තා.... "දැන් සේෆ්?"

what happen to the NERDY ||vkook||Dove le storie prendono vita. Scoprilo ora