"අප්පා!....අනේ අප්පා....මොකද මේ? ඔයාට ආයෙමත් අසනීපයි ද?"
හාන්සි පුටුවට වෙලා හිම වැටෙන හැන්දෑවෙ පාර දිහා බලාගෙන ඉන්න තමන්ගෙ අප්පාට උණුවෙන් කෝපි එකක් අරගෙන ආව ලෝරා අප්පාගෙ කම්මුල් තෙමිලා තියෙනවා දැක්කාම කලබල වුණා....
ලෝරා කියන්නෙ අවුරුදු විස්සක විතර රූමත් තරුණියක්.....පිට මැදට දිග තද දුඹුරු පාට කැරලි කොණ්ඩයක් තිබුණ ලෝරාට තිබුණෙ කොල පාට ඇස් දෙකක්....මහතත් නැති කෙට්ටුත් නැති ශරීරයක් තිබුණ තරමක් ම්ට් ගැහැණු ළමයෙක් වුණ ලෝරාට ලස්සන හිනාවක් ලැබුණෙ කාගෙන් ද කියන්න ලෝරා තමන්ගෙ ඔම්මවවත් අප්පාවවත් දැකලා තිබුණෙ නැහැ...
එතකොට ලෝරා දැන් මේ කතා කරන අප්පා තමයි එයාලගෙ ළමා නිවාසෙ හැම ළමයෙක්ගෙ ම අප්පා....විස්සක් වෙද්දි ලෝරා හරි නම් ළමා නිවාසෙන් ගිහින් තියෙන්න ඕනා වුණත් ළමා නිවාසෙ වැඩට ඉන්න සේහි ඔම්මා ගොඩක් වයස නිසා ලෝරා කැමැත්තෙන් ම උදව්වට නතර වුණා....
පහුගිය අවුරුදු විස්සට ම ලෝරා දැක්ක එයාලගෙ අප්පා කියන්නෙ ගොඩක් දරදඬු, අඩුවෙන් කතා කරන ,තනියම ඉන්න කැමති කෙනෙක්....එයාගෙ කම්මුල් තෙත් වෙලා තියෙනවා දැක්කා ම ලෝරා හිතුවෙ අප්පාට බෙහෙත් බොන්න අමතක වෙලා එක වතාවක් හැදුණ පපුවෙ අමාරුව ආයෙමත් වැඩිවෙලා කියලයි.....ඒකයි ලෝරා කලබල වුණේ....
"ආයෙමත් පපුව රිදෙනවා ද අප්පා? ඔයා හරියට බෙහෙත් බිව්වා නේද? මං අතට ම දුන්නා නෙ?"
ලෝරා අප්පාගෙ පපුව ටිකක් තද කරලා අතගාන ගමන් අප්පාගෙ අතකින් අල්ලගෙන අහද්දි ඒ මැදිවිය පහු කරලා හිටිය මනුස්සයා හිනා වුණා....
තවමත් හිනාවෙද්දි ඒ පුංචි ඇස් කම්මුල් අතරෙ නොපෙනිලා ගියත් තවදුරටත් ඒ කම්මුල් ලෝරාට පුංචි කාලෙ මතක තිබුණා වාගෙ දිලිසිලා පිම්බුණ රෝස පාට ඒවා වුණේ නෑ....ඒ ඇස්වලත් දීප්තිය අඩුවෙලා ගිහින් තිබුණෙ හරියට නිවිලා යන්න ආසන්න වුණ තාරකා දෙකක් වගේ... මතක කාලෙ ඉඳලම ඒවගෙ ලොකු එළියක් නොතිබුණත් ලෝරාට මතක තිබුණටත් වඩා අද ඒ ඇස් හිස් වෙලා....
" සමහර හීන තියෙනවා ලෝරා....
හැබෑ නොවෙන බව දැන දැන දැකලා....
මතක් කර කර අඬන.....
මටත් එහෙම හීනයක් තිබුණා....මේක දැක්කාම ඒ කාලෙ මතක් වුණා...."
අප්පා තමන්ගෙ උකුළෙ තියෙන පරණ පාට වුණ ඩයරියක් පෙන්වද්දී ලෝරා දැක්කෙ වැල් අකුරින් ලියපු වාක්‍ය දෙකක්.....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
හායි බබාලා 👀❤️
ටිකක් වෙනස් කතාවක් වෙයි....නමක් දෙන්න බැරි වුණ බැඳීමක් ගැන ලියන්නෙ....
අදහසක් කියාගෙන යන්න ඉතින් 👉👈
Bye🌹
Sunshine 💖

YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡