දසවන කොටස

126 29 8
                                    

අපි වැඩ එක්ක බිසී වෙද්දි කොන්සර්ට් එක දවස නොදැනී ම ළඟට ආවා....ගොඩක් ලොකු ලොකු තැන්වල අය ගෙස්ට්ස්ලා විධියට ඇවිත් හිටියා වගේ ම ළමයි හැමෝගෙම ඔම්මලා අප්පලා ඇවිත් තිබුණා...එන පිරිස වැඩි නිසා ම අපේ කොන්සර්ට් එකට සෝල් වල ලොකුම ස්ටිඩියම් එක බුක් කරලා තිබුණා.....

පටන් ගත්ත වෙලාවෙ ම බෑන්ඩ් ඩිස්ප්ලේ එකට ආව අයගෙ ඇස් උඩ ගිහින් තිබුණෙ.... හෙසෝක් හ්‍යුන් ඒ තද නිස් පාට රතු පාට මික්ස් වුණ ඇඳුමට බූට් දාලා අර නිලුයි රතුයි පිහාටු ගහපු තොප්පිය දැම්මා ම ගොඩක් හැන්ඩ්සම්....එයා ලස්සනට ගොඩක් ගාම්භීර විදියට අර ස්ටික් එක එහෙ මෙහෙ කර කර යද්දි ගෑණු ළමයි හිටියෙ හාට් ඇටෑක් හැදිලා.... හෙසෝක් හ්‍යුන් එක්කෙනෙක්  කියලා කාවවත් තෝරගෙන නැති නිසා කොලේජ් එකේ ම ගෑණු ළමයින්ගෙ ක්‍රශ් එක වුණේ හෙසෝක් හ්‍යුන්...

සූහි නූනලාගෙ වෙල්කම් ඩාන්ස් එකෙන් පස්සෙ එක එක ඉවෙන්ට් ගොඩක් තිබුණා....ජන්කුක් එක්ක ඔකෙස්ට්‍රා එකේ පර්ෆෝර්මන්ස් එක ආව ගෙස්ට්ලා නැඟිටලා ක්ලැප් කරන තරමට පර්ෆෙක්ට් වුණා....නම්ජුන් හ්‍යුන්, යුංගි හ්‍යුන්,හෙසෝක් හ්‍යුන් තුන්දෙනා එක්ක ෆස්ට් ඉයර් එකේ ෆෙලික්ස් රැප් කරන්න පටන් ගනිද්දි ෆයර් ස්ප්‍රේ ස්මෝක් ස්ප්‍රේ එක්ක හෝල් එක කළුවර වෙලා තැඹිලි පාට බල්බ්ස් විතරක් පත්තුවෙන්න ගනිද්දි  හාට් බීට් එකත් වැඩිවෙලා පොළව හෙලවෙනවා වගේ දැනෙන තරමට ඒ පර්ෆෝමන්ස් එක එනජිටික් වුණා....

අපි දෙන්නගෙ පර්ෆෝමන්ස් ටයිම් එක කිට්ටු වෙද්දි මාව වෙව්ලන්න අරගෙන තිබුණත් ටේහ්‍යුන් මං ළඟට ඇවිත් කතා කළා ම ඒ ගතිය ඇරිලා ගියා.... එයා එයාට අදාළ තැනට යන්න කලින් මගෙ අත යන්තමට තද කරලා අතෑරියෙ හරියට මමත් ඉන්නවනෙ බය වෙන්න එපා කියන්න වගේ.... මමත් ලොකු හුස්මක් පාත දාලා මට අදාළ තැනට ගියේ ඊළඟට ස්ටේජ් එක ඕපන් වෙන්නෙ අපි දෙන්නට නිසා....

මම ස්ටේජ් එක මැද්දෙ තිබුණ උස ස්ටූල් එකක වාඩිවෙලා ඉද්දි මම ඉන්න තැනට එළිය අඩු කහ පාට එළියක් වැටිලා තිබුණෙ මගෙ සුදු පාට ඇඳුම් රත්තරන් පාටට දිලිසෙන්න....ටේ  ඉන්න තැනට ගොඩක් එළිය සුදුපාට ලයිට් එකක් ෆෝකස් වෙලා තිබුණා වගේ ම ඒක එයා ස්ටේජ් එකේ එහෙ මෙහෙ යද්දි  එයා පස්සෙ කැරකුණා....

Just a Breeze || VminWhere stories live. Discover now