දවල් දොළහට කිට්ටු වෙලා ස්පෙශල් ටෝන් එකක් ඇහෙද්දි ජිමින්ගෙ නම්බර් එකෙන් කෝල් එකක් කියලා දන්න නිසා ටේහ්‍යුන්ට හිනා ගියා එයාගෙ තාර පැටියා ඇහැරෙන්න ඇත්තෙ දැන් කියලා හිතිලා..." කම්මැලි තාරාවා....දැන්ද නැඟිට්ටෙ?"
ටේහ්‍යුන් කෝල් එක ආන්ස්වර් කරලා ජිමින්ව අවුස්සන්න හිතන් එහෙම කිව්වත් ටේහ්‍යුන්ගෙ ඒ හිනාවට වැඩි ආයුශක් තිබුණෙ නෑ....
"ද්-දේ....ආආ...අප්පා ඕනි නෑ....ම්..මම එන්නම්...ආයෙ අප්පට කෝල් කරන්න ඕන නෑ...එයා මීට්න් එකක ඇත්තෙ... ම-මම එනව්-වා..."
ටේහ්‍යුන් වෙව්ල වෙව්ල කියලා ඔම්මට එළියට යනවා කියාගෙන නම්ජුන්ගෙ බයික් එකේ යතුරයි හෙල්මට් එකයිත් අරගෙන ඇඳගෙන හිටිය ඇඳුම පිටින්ම එළියට දිව්වෙ දොර ළඟ තිබුණ ස්ලිපර්ස් දෙකකුත් දාගෙන....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ටේහ්‍යුන් හති දාගෙන දුවගෙන ඇවිත් ජිමින් හිටිය හොස්පිට්ල් රූම් එකේ දොර අරිද්දි ජිමින්ගෙ ළඟ හිටිය ටේමින් ගැස්සිලා එහාට වුණත් කලබලේ නිසා ටේහ්‍යුන්ට ඒක මිස් වුණා....
"මිනී....දෙවියනේ මොකද මේ වුණේ?"
ටේහ්‍යුන් ජිමින්ගෙ ඇඳ ළඟට දුවන් ආවත් ජිමින් නිදි කියලා දැක්කාම එයා සද්දෙ අඩු කරලා තනියම මිමිණුවා.... ජිමින්ගෙ ඔලුව බැන්ඩේජ් කරලා.... කකුලත් දණහිස ළඟ ඉඳලා ම බැන්ඩේජ් කරලා....එයාට IV එකකුත් දීලා....අතත් සීරිලා රතුවෙලා....හිනා වෙවී දඟලන හුරතලේ මෙහෙම ඉද්දි ටේහ්‍යුන්ට දුක හිතුණා.... ලේසියෙන් අඬන්නෙ නැති ටේහ්‍යුන්ට එයාගෙ දඟ බෝල යාළුවා මෙහෙම ඉන්නවා දැකලා හිතන්නත් කලින් ම කඳුළු ඇවිත්...
"මම හරි නම්....මේ කිම් ටේහ්‍යුන් වෙන්න ඕනෙ..."
සද්ද නැතුව ටේහ්‍යුන් දිහා බලන් හිටිය ටේමින් කතා කරද්දි තමයි ටේහ්‍යුන්ට මතක් වුණේ එයා එද්දි රූම් එක ඇතුළෙ තව කෙනෙක් හිටියා කියලා...
"ඔහ්...ඔව්....ඔ-ඔයා....ටේමින්ශී වෙන්න ඕනෙ...ජිමිනි එක්ක කොන්සර්ට් එක කරන්න ඉන්න හ්‍යුන්..."
ටේහ්‍යුන් කියද්දි ටේමින් හිනා වුණා....
"ම්ම්...ඔවු අපි එහෙම කියමු....එදා ඔයා ලස්සනට පර්ෆෝම් කළා..."
YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡