අද ජිමින් ස්කූල් එකට යන දෙවෙනි දවස....ඊයෙ ජින් එක්ක යද්දි පාර තරමක් දුරට බලාගත්ත නිසා ජිමින් තනියම යන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ගේට් එකෙන් ඇතුළට ගියත් ගේට් එක ළඟ ම ඉඳලා ජන්කුක් එක පාරට ජිමින්ගෙ කරේ එල්ලුණා ම ජිමින් ගැස්සිලා ගියා...
"ඔහ්....ඔයා මාව බය කළා කුකී.... ගුඩ්මෝනින්!"
ජිමින් එයාගෙ ඇස් ගිලෙන හිනාව දාලා කිව්වාම ජන්කුක් ජිමින්ගෙ කරෙන් අත අරගෙන ජිමින් දිහා බැලුවා...."කුකී කිව්වෙ මටද?"
ජන්කුක් ජිමින්ගෙ මූණට ම එබිලා අහද්දි ජිමින්ට අඩියක් පිටිපස්සට තියවුණා....හොඳයි....ජිමින් කියන්නෙත් ටිකක් විතර දඟ බෝලයක් තමයි....ඒත් මෙතන ඉන්න අය පුරුදු නැති නිසා ජිමින් තවම හරි අහිංසක විදියට වැඩිය දඟලන්නෙ නැතිව හිටියා....ඒත් ජන්කුක් කියන්නෙ එක තත්පරයක් එක විදියක ඉන්න මනුස්සයෙක් නෙවෙයි....ඊළඟ තත්පරේ ජන්කුක් කරන දේ සාමාන්‍යයෙන් කාටවත් හරියට අනුමාන කරන්න කවදාවත් බැරි වුණා.... ඉතින් ජිමින්ට මේවා තවම පුරුදු නැති නිසා ජිමින් තවම ජන්කුක් කරන දේවල් වලට ගැස්සෙනවා....
"ඔ-ඔව්....ජන්කුක් කියද්දී දිග වැඩියි නේ....ඒ නිසා මම ඔයාට කුකී කියන්නද?"
ජිමින් බයෙන් වගේ ඇහුවෙ ජන්කුක් අකමැති නම් නොකියා ඉන්නවා කියලා හිතාගෙන වුණත් ජන්කුක්ගෙ මූණෙ ලොකු හිනාවක් ඇදුණා ඒකට..,"මට කවුරුහරි එහෙම කතා කරපු පළවෙනි වතාව...කුකී....ඒක හොඳයි....දිගටම එහෙම කියන්න ජිමිනී.."
ජන්කුක් හිනා වෙලා ජාමින්ගෙ කර වටොන් අත දාගෙන ස්කූල් එක ඇතුළට ඇවිදගෙන ගියා.....
.
.
.
.
"ක්-කුකී අපි ක්ලාස් එකට නෙවෙයි ද යන්නෙ?"
ජිමින් වටේ බලන ගමන් ඇහුවෙ එදා ගිය පැත්තට නැතිව අනිත් පැත්තට යනවා කියලා දැනුණ නිසා..."අපි ෆස්ට් ඉයර් ක්ලාස් පැත්තෙන් යමු ජිමිනී.....ලස්සන නංගි බබෙක් ඉන්නවද බලාගෙන යන්...."
ජන්කුක් කිව්වත් වගේ මග දිගට අළුත් ගෑණු ළමයි ඔප්පා ඔප්පා ගගා පස්සෙන් එද්දි ජන්කුක් දෙතුන් දෙනෙක්ට ඇස් ගගහා ලස්සනයි කිව්වෙ ගෑනු ළමයි කීපදෙනෙකම ජිමින්ගෙ කම්මුල් වලින් අදින්න ආසයි කියලා කෙදිරි ගාද්දි....
ක්ලාස් එකට ගිහින් ටිකකින් ගෑණු ළමයි ටිකක් ඇවිත් එයාලගෙ ඩෙස්ක් දෙක වට කර ගත්තාම ජිමින් තරමක අපහසුතාවයකට පත් වුණත් එයාලා ඉක්මනට ජිමින් එක්ක යාළු වුණා... පස්සෙ ජන්කුක් අන්තිමට ෆුට්බෝල් ප්‍රැක්ටිස් ගිය දවසෙ සූහොව මඩ ගොඩේ බිම දාගෙන ගැහුව මැටි රඟපාන්න ගත්තාම ජිමිනුත් හිනා වෙවී ඒ දිහා බලාගෙන හිටියා....
"ඔහෝ.....ඔයාලා අදත් උදේ පාන්දර මේ හාවාගෙ බොරු අහනවද ළමයි?"
දොර පැත්තෙන සෙල්ලක්කාර කටහඬකට ගෑණු ළමයි ඔක්කොම වගේම ජිමිනුත් හැරිලා බැලුවෙ ආවෙ කවුද කියලා....දොර ළඟ හිටියෙ ජන්කුක් තරමට ම වාගෙ උස ජන්කුක් තරම් මහත නැති කඩවසම් කොල්ලෙක්....ජිමින්ට ඒ ළමයව දැක්කාම මොකක්දෝ නුපුරුදු හැඟීමක් එක්ක ම එයා එක්ක කතා කරන්න ආසාවක් ඇති වුණත් ජිමින් හිනා වෙද්දි ඒක නොදැක්ක නිසා එයා ආපිට හිනා නොවුණා ම ජිමින්ට ලැජ්ජ හිතුණා....
Kim Taehyung
Kim Namjoon's younger brother
A talented Singer & an actor in the schoolඒ කොල්ලා පන්තියේ කෙළවරක වාඩිවෙලා පොතක වැඩක් කරන ගමන් හිටිය තඹ පාට දිග කොණ්ඩයක් තිබුණ ගෑණු ළමයෙක්ට ඇහැක් ගහගෙන ඩන්කුක් ළඟට ඇවිත් ජන්කුක්ගෙ කරට අත දා ගත්තා....
"ගුඩ් මෝනින් හැමෝටම....ඉතින්-ඔහ්! කවුද මේ.... අළුතෙන්ද?"
ටේහ්‍යුන් නිකටෙන් ජිමින්ව පෙන්නන ගමන් ජන්කුක් අහද්දී ජන්කුක් හිනාවෙලා ජිමින්ගෙ කරට අතක් දා ගත්තෙ ජිමින් ව අඳුන්නලා දෙන ගමන්....
"මේ....පාර්ක් ජිමින්....ඩාන්සින් ,සිගින් වලට දක්ෂ නිසා මෙහෙට අරගෙන... ඊයෙ තමයි ආවෙ...උඹ ඊයෙ ක්ලාස් එකට ආවෙ නෑනෙ..."
ජන්කුක් කියද්දී ටේහ්‍යුන් හිනාවුණත් ඒ එක්කම වෙන ගෑණු ළමයෙක්ගෙ කතාවකට ඇදිලා ගියත් ටේහ්‍යුන් ආවාට පස්සෙම ජිමින් නම් හරි සිහියකින් හිටියෙ නැතත් ජිමින් ව හරියට දන්නෙ නැති අළුත් යාළුවො ටිකට ඒක හරියට තේරුනේ නෑ....
💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡
Bye🌹
Sunshine 💖
YOU ARE READING
Just a Breeze || Vmin
Fanficසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡