විසි නවවන කොටස

90 20 13
                                    


"දේ මැනේජර්නිම්....මම කැමතියි..."

"එහෙම නම් ජිමින් කලින් අකමැති වුණේ.."

"අනී...මම නෙවෙයි බෑ කිව්වෙ අප්පා... ඒත් දැන් එයා ආයෙ අත දාන්න එන්නෙ නෑ...මම ඉස්සරහ අවුරුදු පහ ඔයාලා එක්ක වැඩ කරනවා...ඔයාලා කැමති යුනි එකක ඩිග්‍රි එක කරන්න මම කැමතියි...මට විස්තර ටික මේල් කරන්න..."
ජිමින් එහෙම කියලා එයාගෙ අළුත් මැනේජර් මිස්ටර් ලීට ආචාර කරලා එළියට එද්දි ජිමින්ගෙ ප්‍රයිවට් සෙකට්‍රි සනා නූනා ජිමින් එක්කම එළියට ආවා...

"නූනා...අපාට්මන්ට් එකට අවුරුද්දකට පේමන්ට් සෙට්ල් කළා නේද?"
ජිමින් ෆෝන් එක අතට අරගෙන අහද්දි සනා ඔව් කියන්න ඔලුව වැනුවා ම ජිමින් ඒකට හිනාවෙලා සනාගෙ අතට එයාගෙ කාඩ් එක දුන්නා...

"නූනා මගෙ ඔලුව රිදෙනවා...මම රෙස්ට් රූම් එකට යනවා වෙහිකල් එක එනකල් ...මට  නූඩ්ල්ස් කප් දෙකක් ගෙනැත් දෙන්නකො...තව චොක්ලට් මිල්ක්ශේක් දෙකකුත් ඕනි..."
ජිමින් එයාගෙ අමාරුවෙන් මවාගන්න පුරුදු වුණ බොරු හිනාව පෙන්නලා සනාට කියලා යන්න හැරුණා ම සනා ජිමින්ගෙන් බෙහෙත් මොනවත් ඕනෙ නැද්ද අහලා ජිමින් එපා කිව්ව නිසා කැන්ටින් එකට ගියා...

ජිමින් අප්පගෙ ගෙදරින් එළියට බැහැලා සතියක් ගිහින් තිබුණා... එයාට එයාගෙ කියලා අපාට්මන්ට් එකක් ගන්න වත්කමක් තිබුණා... ජිමින්ට තනියම ජීවත් වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි...

අප්පා එයාව වැඩිය නොහිතාම අතෑරලා දැම්ම එක ගැන හිතේ දුකක් නොතිබුණා නෙවෙයි...ඒත් ජිමින්ගෙ ජීවිතේ අප්පා ඒ තරම් ආදරණීය චරිතයක් නොවෙද්දි ජිමින්ට ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ අප්පගෙන් ඈත් වෙලා ඉන්න එක...

ජිමින් අද ඒජන්සී එකට ආවෙ එයාගෙ අප්පා රිජෙක්ට් කරපු ඇග්‍රිමන්ට් එක සයිග්න් කරන්න...ජිමින් එකඟ වුණා ෆුල්ටයිම් ඒජන්සී එකත් එක්ක වැඩ කරන්න.... එයාලා කියන යුනි එකක ඩිග්‍රි එක කරන්න... ජිමින් කැමති වුණෙ නෑ සෝල් දාලා යන්න...ජිමින් බයයි එයාට කියලා ඉතිරි වෙලා තියෙන ටේහ්‍යුන්ගෙ පුංචිම මතක ටිකත් මඟෑර ගන්න...සෝල්වල පාරවල් පවා ජිමින්ට ටේටේගෙයි මිනීගෙයි මතක වෙද්දි සෝල්වලින් ඈතකට යනවා කියන එක ජිමින්ව බය කළා...

Just a Breeze || VminWhere stories live. Discover now