විසි පස්වන කොටස

90 25 24
                                    


Two months later

"ජිමින්ශී....ඔයා VIP seat එකක් වෙන් කළේ අප්පටද?"
ජිමින්ගෙ මැනේජර් ඇවිත් අහද්දි ජිමින් මේකප් ආටිස්ට් නූනට එක්ස්කියුස් කරලා මැනේජර් ළඟට ගියා....

"නෑ සීට් එක එයාට නෙවෙයි... මොකක් හරි ප්‍රශ්නයක් ද?"
ඉස්සර හැම එකට ම අජුස්සි අජුස්සි කිව්ව ජිමින් දැන් නිකන් ම කතා කරන එක මැනේජර්ට හුරු වෙලා...මාස දෙකකට විතර කලින් එක දවසක් ප්‍රැක්ටිස් ආවෙ නෑ කියලා මැනේජ් ජිමින්ට බනින්න පටන් ගනිද්දීම වගේ ජිමින් අඬාගෙන ම පාර දිගේ දිව්වෙ එයාගෙ ෆෝන් එකත් දාලා...ඊට පස්සෙ සතියක් විතර ස්ටුඩියෝ එක පළාතෙ එන්නෙ නැතිව ඉදලා ජිමින් ආයෙ ප්‍රැක්ටිස් ආවා....

එයා වෙනදා වගේ හිනාවුණේ කතා කළේ නෑ... තමන්ට ම වද දිදී ප්‍රැක්ටිස් කරනවා වගේ දැනුණත් කාටවත් ජිමින්ව නතර කරන්න පුළුවන් වුණෙත් නෑ....ටේමින් කතා කරන්න උත්සාහ කළත් ජිමින් මඟෑරියා.... ජිමින්ගෙ වෙනස හැමෝම දැක්කත් කවුරුත් හේතුවක් දැනගෙන හිටියෙ නෑ....

" ජිමින්ශී...මිස්ට පාක්ට දෙන්න සීට් එකක් අපිට මදිවෙලා....දැනට කවුරුත් ඇවිත් නැත්තෙ ජිමින්ශී බුක් කරපු සීට් එකේ විත-"

"ඒක බුක් කළේ ඒක ඕන නිසා මැනේජර්-නිම්....මිස්ට පාක්ට ඉඩ නැත්තම් VIP area එකේ....එයාට පුළුවන් අනිත් අය එක්ක වාඩි වෙන්න...නැත්තන් මෙච්චර කල් කළා වගේ එයාට ළමයෙක් නැති ගානට මැන්ශන් එකට යන්න කියන්න....එයා මට වැදගත් කෙනෙක් නෙවෙයි..."
ජිමින් සද්දෙට ම මේසෙට ගහන ගමන් කියලා දාලා යන්න ගියාම මැනේජර් ආයෙ කතා නොකර ම එළියට ගියා....

"ජිමින්ශී....බ්‍රශ් එක ඇහේ වැදුණද? මේ කඳුළු?"
ජිමින්ට ඇඬුණෙ එයාගෙ ටේටේව මතක් වෙලා... එයා කිව්වා ටේහ්‍යුන්ට එයාගෙ කොන්සර්ට් එක බලන්න එන්න කියලා....ටේහ්‍යුන් එදා මගෙ මිනී එක්සලන්ට්... එයා ලස්සනට කරනවා කියලා එයාට විශ්වාසයි කියලා ජිමින්ගෙ ඔලුවත් අතගෑවා.... ජිමින්ට ඒවා මතක් වුණා ම දුක හිතුණා....ජිමින් ඊයෙ රෑ පාන්දර වෙනකල් ම ටේහ්‍යුන්ගෙන් විශ් එකක් එනකල් බලාගෙන හිටියා එයාගෙ සෝලෝ කොන්සර්ට් එකට...

ඒත් තාමත් නැහැ....ටේහ්‍යුන් ගිහින් මාස දෙකක් වෙද්දි ජිමින් ඒකෙන් මාස එකහමාරකට වඩා කළේ ටේහ්‍යුන්ගෙන් මැසේජ් එකක් එනකල් ෆෝන් එක දිහා බලාගෙන ඉන්න එක....ජිමින්ට ඕනෙ නම් මැසේජ් දහයක් එන්න ඇති....ඒවත් හරි කොමන් මැසේජ්...ගුඩ් මෝනින්...ගුඩ් නයිට්....මොකද කරන්නේ...ඔය වගේ දේවල් එක්ක ස්ට්කර්ස් ටිකක්....ඒකත් ජිමින් මැසේජ් එක ආව තත්පරේම රිප්ලයි කළත් ජිමින්ගෙ මැසේජ් එක ඩිලිවර් වෙද්දි ටේහ්‍යුන් ඕෆ්ලයින්.... ජිමින්ට නොසෑහෙන්න රිදුණා...

Just a Breeze || VminWhere stories live. Discover now