විසි හයවන කොටස

92 16 26
                                    


"ටේ...ප්ලීස් එක මැසේජ් එකක් එවන්න ටේටේ...මට පාළුයි....මට...මට තවත් මෙහෙම ඉන්න බෑ දෙවියනේ..."

ජිමින් ෆෝන් එක දිහා බලාගෙන දුඹුරු පාට පුංචි ඇස්වල කඳුළු පුරවගෙන මුමුණද්දි ජිමින්ගෙ හුරතලේ මිලෝ ඇඳෙන් පහළට වැටිලා තිබුණ ජිමින්ගෙ අතේ ඔලුව ඇතුල්ලුවා.... වෙනදට මිලෝ ඇඟේ ඇතිල්ලෙද්දි ඇහෙන පුරු පුරු සද්දෙට හයියෙන් හිනාවෙලා මිලෝව බිම පෙරළගෙන බඩට කිති කවන හුරතල් ජිමින් තවදුරටත් හිටියෙ නෑ....මිලෝට කැමති දෙයක් කරන්න දීලා ජිමින් ඇද මෙට්ටෙට කම්මුල තද කරගෙන ෆෝන් එක දිහා බලාගෙන හිටියා...

ජිමින්ට බඩගිනියි....ඒත් ඩයට් නිසා හිතෙන හිතෙන දේවල් කන්න බෑ... ජිමින් දැනට ම බැනුම් අහලා ඉන්නෙ එදා බැක්ස්ටේජ් එකේ ෆේන්ට් වුණ නිසා....එහෙන් මේකප් ආටිස්ට් නූනාලා කෑ ගහනවා ජිමින්ගෙ ඇස් වටේ කන්සීලර්ස් වලින් හදන්න බැරි ගානට කළු වෙලා කියලා...ජිමින් ගොඩක් සුදු නිසා ඒක කැපිලා පේනවා.... තවත් බැනුම් අහන්න බැරි කමට ජිමින් ඒජන්සී එකෙන් දෙන ඩයට් ප්ලෑන් ඒ විදියට අරගෙන ගියා....

ජිමින්ට එන හේට් කමෙන්ට් නිසා ජිමින් දුකින් ඉන්නවා කියලා හැමෝම හිතුවත් ජිමින්ට ඒවා ඇහුණෙ නැති තරම්....ඩයට් ප්ලෑන් අප්පා කන්ට්‍රෝල් කරන නිසා කළා... ඩාන්සින්වලට ජිමින් කැමති නිසා ජිමින් ප්‍රැක්ටිස් ගියා... ගෙදර ඉන්න බැරි නිසා කොලේජ් ගියා මිසක ජිමින් ආසාවකින් ගියා නෙමෙයි....ජිමින්ගෙ තර්ඩ් ඉයර් එක්සෑම් එන නිසා ජිමින් ඒවත් බලන්න ඕනෙ...යාළුවො නිතර නිතර එකතු වුණාට ජිමින් වෙනදා වගේ හිනා වුණේ නෑ...නම්ජුන් ජිමින්ව මඟාරින බව තේරුණත් ජිමින් ඒවා හෙව්වෙ නෑ...ජිමින්ට ඕන වුණේ පාඩුවෙ ඉන්න....ඒත් එයාලා ජිමින්ට තනි වෙන්න දුන්නෙ නැහැ... විශේෂයෙන් ම ජන්කුක්, හෙසෝක් දෙන්නා පහුගිය මාස තුනට ජිමින්ගෙන් නොසෑහෙන්න බැනුම් ඇහුවා...

"පැත්තකට වෙන්න මිලෝ..."
ජිමින් මිලෝව ඈත් කරලා ඇඳෙන් බැහැලා වොශ්රූම් එකට ගියේ නාගෙන එන්න....අද එයා කොලේජ් ගියේ නෑ...උදේ ඉඳලාම අළුත් සින්දුවෙ ඩාන්ස් එකේ ස්ටෙප්ස් ප්‍රැක්ටිස් කළා...දවස් හතරක් තිස්සේ හැදුව ස්ටෙප්ස් ටික ජිමින් අද පැය එකොළහකට කිට්ටු වෙන්න පුළුවන් උපරිමට ප්‍රැක්ටිස් කළා...ජිමින්ට ඕනෙ වුණේ වැඩ එක්ක හිර වෙන්න.... ලබන සතියෙ එක්සෑම් නිසා කොලේජ් එකේ මේ සතිය ළමයින්ට පාඩම් කරන්න දීලා තියෙන්නේ.... සමහර අය එන්නේ නැහැ...එන අයත් කරන්නේ ලයිබ්‍රි එකේ හරි රීඩින් රූම් එකකට හරි වෙලා තමන්ගෙ වැඩක් කර ගන්න එක...ජිමින් කැමති නෑ පොත් එක්ක හිර වෙන්න.. විශේෂයෙන් ම කොලේජ් එකේ ලයිබ්‍රිවලට යන්න...එයාට ටේහ්‍යුන්ව මතක් වෙනවා....

Just a Breeze || VminWhere stories live. Discover now